අම්බලන්තොට වෙඩි තැබීමක්

0
11


අම්බලත්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අම්බලන්තොට, කොග්ගල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාලකරු සහ වෙනත් පාර්ශවයක් අතර කලක සිට පවතින ආරවුලක් හේතුවෙන් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්තොට පොලීසිය විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here