පැණිරස අඩුවෙන් ගෙදර ම Nutella හදමු

0
12


නියුටෙලා හැමෝම ප්‍රියකරන රසවත් ආහාරයක්.මේ දිනවල වෙළඳ පොලේ ඇති අර්බුද නිසා නියුටෙලා මිලදී ගැනීම සීමිත වෙලා තිබෙනවා.ඒ වගේම බොහෝ  අවස්ථාවන්හිදී සමහර මව්වරුන් දරුවන්ට නියුටෙලා දීමට මැළි වන්නේ එහි ඇති අධික සීනි ස්වභාවය නිසා.ඒ නිසා ගෙදරදි  නිවැරදිව නියුටෙලා සාදාගන්නා ආකාරය ඔබට කියන්නට අපි සිතුවා.

ඒ සඳහා රටකජු යොදා ගැනීමට සමහරුන් යෝජනා කළත් ඉතාම ගැලපෙන්නේ හේසල්නට්.මේවා සුපිරි වෙළඳසැල් ජාලවලින් ඔබට මිලදී ගන්නට පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය 

හේසල් නට්ස් 150g

cocoa powder  මේස හැදි 1

මිල්ක් චොකලට් කැබලි 12

සීනි තේ හැදි 3

වැනිලා රසකාරක තේ හැඳි බාගයක්

තෙල් මේස හැදි 2

ලුණු තේ හැදි බාගයක්

සාදා ගන්නා අන්දම

අවන් එක 350°F වලට ප්‍රීහීට් කරන්න

තැටියකට හේසල්නට්ස් විසුරවා ඒවා විනාඩි 8ක් පමණ වේලාවක් හොඳින් රෝස්ට් කර ගන්න.

පිටතට ගෙන kitchen towel එකක් මතට දමා ගන්න.

ඉන් ඔතාගන්න.

හොඳින් සොලවන්න.

මද වේලාවක් මෙසේ කරද්දි හේසල්නට්වල පොත්ත ඉවත් වී ඇති බව ඔබට පෙනේවි 

චොකලට් කුඩා කැබලි වලට කපා ගන්න 

ඒවා මදක් උණු කර දිය වෙන්නට ඉඩ හරින්න.

හේසල්නට්ස් විනාඩි තුනක පමණ කාලයක් බ්ලෙන්ඩ් කරගන්න 

මෘදු කුඩක් වූ පසු බ්ලෙන්ඩ් කිරීම නවතන්න 

නැවත බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කර තෙල් එයට එකතු කරන්න 

ඉන්පසු කොකෝවා පවුඩර් සහ කුඩු කරගත් සීනි එකතු කරන්න

ලුණු ස්වල්පයක් ද එකතු කරගන්න  

වැනිලා ද එකතු කරන්න 

නැවත බ්ලෙන්ඩරය ක්‍රියාත්මක කර හොදින් මිශ්‍ර වන්නට ඉඩ හරින්න 

අනතුරුව දියකරගත් චොකලට් මිශ්‍රණය එකතු කරන්න 

ඉන්පසු මිශ්‍රණය වීදුරු බෝතලයකට දමා ගන්න 

මෙය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේ දී සති දෙකක් පමණ තබාගත හැකියි.ඔබ අවම පැණි රසකින් මෙය සෑදීමට කැමැත්තක් දක්වනවා නම් අඩු සීනි සීනි ප්‍රමාණයක් සහ මිල්ක් චොකලට් වෙනුවට ඩාර්ක් චොකලට් යොදාගෙන මිශ්‍රණය සකසා ගැනීමට පුළුවන්.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here