ජනවාරි මාසය සදහා වූ රුපියල් බිලියන 160.2ක ආදායම් ඉලක්කය අභිබවා යමින්, ජනවාරි 22 වන දා වනවිට, රුපියල් බිලියන 175.4ක ආදායමක් ඉපැයීමට රේගුවට හැකි වී තිබේ.
මෙලෙස අදායම් ඉලක්ක අභිබවා යාමට හැකි වී ඇත්තේ, පසුගිය දෙසැම්බර් මාසයේ දී බහාලුම් නිශ්කාශනය වේගවත් කිරීමට රේගුව පියවර ගෙන තිබීම හේතුවෙන් බව වාර්තා වේ.
ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ රේගුව උපයා ඇති ඉහළම ආදායම වන රුපියල් බිලියන 2,551ක ආදායම් මුදල 2025 වසරේ දී රේගුව ඉපයා තිබිණි.
මෙම 2026 වසරේ දී රුපියල් බිලියන 2,200ක ආදායමක් ඉපැයීමට රේගුව අපේක්ෂා කරයි.
1
Saru News










