කතෝලික සභාවේ හිටපු සන්නිවේදන අධ්‍යක්‍ෂ බෙනඩික්ට් ජෝශප් පියතුමා ස්වර්ගස්ථ වෙයි

0
11

කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂවරයා වූ බෙනඩික්ට් ජෝශප් පියතුමා ඊයේ (12දා) උදෑසන ස්වර්ගස්ථ විය.

1970 දෙසැම්බර් 19 වැනිදා කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැඳුරේදී ස්වර්ගස්ථ දේව සේවක අතිඋතුම් තෝමස් කාදිනල් කුරේ පියතුමා විසින් බෙනඩික්ට් ජෝශප් පියතුමා ශ්‍රී ලංකා කතෝලික සභාවේ පූජක පියතුමෙකු ලෙස පත්කරන ලදී. ඔහුගේ නිහතමානීකම සහ අනුකම්පාවෙන් මෙහෙයවනු ලැබූ කැපී පෙනෙන සේවා ගමනක් ආරම්භ විය. එතුමාගේ නායකත්වය අධ්‍යාත්මික මගපෙන්වීම සහ නොසැලෙන භක්තිය ඉදිරි පරම්පරාවන්ට ආදර්ශයක් සැපයීය.

පූජක රාජකාරිවලින් ඔබ්බට ගිය බෙනඩික්ට් පියතුමා ගුවන්විදුලිය, රූපවාහිනිය, සිනමාව සහ මුද්‍රිත මාධ්‍යවල හුරුපුරුදු හඬක් සහ මුහුණක් විය. ඇදහිල්ල සන්නිවේදනය සමග සම්බන්ධ කිරීමට ඔහුට තිබූ හැකියාව නිසා පියතුමා ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය ආගමික මාධ්‍ය පෞරුෂයක් බවට පත්විය.

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා ලෙස සේවය කරමින් නවීන වේදිකා හරහා ශුභාරංචිය පතුරුවා හැරීමට නව ක්‍රමවේදයන් එතුමා විසින් ආරම්භ කරන ලදී.

සිග්නීස් සම්මාන උත්සව සඳහා පියතුමාගේ දායකත්වය හා මාර්ගෝපදේශකත්වය නොමදව ලැබිණි.

එතුමා කලාකරුවන්, ලේඛකයන් සහ මාධ්‍ය වෘත්තිකයන් සමග සමීපව කටයුතු කළ හෙයින් ඇදහිල්ල සහ සංස්කෘතිය අතර පාලමක් බවට පත්විය. පියතුමාගේ සන්සුන් හඬ, මෘදු වචන සහ අව්‍යාජ නිහතමානීකම බොහෝ දෙනකුට විශ්වාසවන්ත එf`ඩ්රකු බවට පත්විය.

එසේම, ජාතික කතෝලික සිනමා පර්ෂදයේ ආරම්භක ජනසන්නිවේදන අධ්‍යක්ෂවරයා වූ අර්නස්ට් පෝරුතොට පියතුමාගෙන් පසු ශ්‍රී ලංකා සිනමාවේ උන්නතිය සඳහා මනා දායකත්වයක් සැපයීය.

බෙන්ඩික්ට් පියතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13දා) පස්වරු 3.00ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. දේහය මේ වනවිට බොරැල්ල අගරදගුරු මැඳුරේ තැන්පත් කර ඇත.

දේහය පිළිබඳ දිව්‍ය පූජාව අද සවස සිදුකිරීමෙන් පසු අවසන් කටයුතු සිදුකෙරේ.

නෝමන් පලිහවඩන සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here