ගෙදරට ගහපු පෙට්‍රල් බෝම්බයෙන් අවුරුදු හයේ දරුවා මිය ගිහින්

0
13


කළුතර,රජවත්ත ප්‍රදේශයේ නිවසකට එල්ල කළ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් වයස අවුරුදු 06ක දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා (29) රාත්‍රී කාලයේ මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, එහිදී නිවසේ සිටි වයස අවුරුදු 28ක කාන්තාවක් ද පිළිස්සුම් තුවාල ලබා ඇති බවයි වාර්තා වුණේ.

තුවාල ලැබූ දරුවා සහ කාන්තාව කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයේ සිටි දරුවා ඊයේ (30) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මිය ගිය දරුවාගේ මව මේ වන විට විදේශගතව සිටින අතර, තුවාල ලැබූ කාන්තාව විසින් ෂෙනල් සංදීප නැමැති මෙම දරුවා රැකබලා ගෙන ඇති බවයි තොරතුරැ වාර්තා වුණේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් මෙම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය නිවසට එල්ල කර ඇති අතර, ඊට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here