අපේම මුදලින් බලවේග කට්ටල 05ක් ළඟදීම ගන්නවා
ප්‍රධාන කරුණු තුනක් යටතේ දුම්රිය නවීකරණයට කඩිනම් පියවර ගන්නා බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.
දුම්රිය තාක්ෂණය දියුණු කරමින් දුම්රිය ප්‍රමාදය අවම කිරීම, දුම්රිය නියමිත වේලාවට ධාවනය කිරීම සහ දුම්රිය මගියා සුවපහසුව ගමනාන්තය වෙත ගෙන යෑම ප්‍රමුඛව කටයුතු කරන බවද පෙරේදා (11දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.
රොකට් සයන්ස් ගෙන ඒමට ප්‍රථම දුම්රිය තාක්ෂණික ක්‍රම දියුණු කළ යුතුයි. දිනපතා දුම්රිය ධාවන අවලංගුවීම් නැවතීමට හෝ අවම කිරීමට අප පියවර ගත යුතුයි. දුම්රිය එන්ජින් ප්‍රමාණය මදි. දළ වශයෙන් දුම්රිය එන්ජින් 70ක් පමණ අවශ්‍යව තිබෙනවා. නමුත් පීලි ගත වෙන්නේ එන්ජින් 50-55 අතර ප්‍රමාණයක්. දැන් අපි දුම්රිය බලවේග කට්ටල 05ක් ණය වාරික නැතිව අපේ මුදලින් ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා. මේ සඳහා ටෙන්ඩර් පිරිනැමීම සිදුකර දුම්රිය පහ මෙරටට ගෙන ඒමට වසර දෙකක් පමණ ගත වෙනවා.
මෙය අන්තර්ජාතික ප්‍රසම්පාදන යටතේ සිදු කරන්නේ. ඉන්දියාවේ ගනුදෙනුවක් නැහැ. අඩුම ලන්සුවට මෙම ටෙන්ඩර් පිරිනැමීම සිදුකිරීමට නීතිමය කටයුතු සිදු කිරීම තමයි බලාපොරොත්තුව යැයි ද නියෝජ්‍ය ඇමැති ප්‍රසන්න ගුණසේන මහතා වැඩිදුරටත් පැවැසීය.
සුජීව තත්සර
Saru FM Media