දකුණු මුහුදට ඔබ්බෙන් මුහුදුබත් වූ ඉරාන නෞකාව ගැන තවත් තොරතුරු

0
4

ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 40ක් පමණ දුරින් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවට ප්‍රහාරයක් එල්ලවීමෙන් මුහුදුබත්වී ඇති බවට විදෙස් මාධ්‍ය සිදුකෙරෙන ප්‍රකාශ සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පවසයි.

ඉරාන නෞකා අනතුර සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව අද (04) පැවැත්වූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මූලික වශයෙන් අපි බලන්නේ ආපදාවට ලක්වූ යාත්‍රාවේ ජීවිත ආරක්ෂා කිරීම. ඉන් පසුව තමයි මෙය කුමණ ආකාරයකින් සිදුවුණේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සහ තාක්ෂණික වාර්තාවක් ලබාගන්න පුළුවන් වෙන්නේ. අපේ මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ තවත් පිරිස් ආරක්ෂාකාරීව ඉන්නවා නම් ඒ අයව බේරගන්න එක. මෙම නෞකාවේ කොපමණ ප්‍රමාණයක් ගියාද කියන එක අපිට කියන්න වෙන්නේ ඉදිරියේදීයි.”

“අපිට ලැබුණු තොරතුරුවලට අනුව අපි අනතුර සිදුවූ ස්ථානයට යද්දි අපිට දකින්න ලැබුණේ ලොකු තෙල් පැල්ලමක් විතරයි. ඒ නිසා එම නෞකාව මුහුදුබත් වෙලා කියන එක ප්‍රකාශ කරන්න පුළුවන්. කෙසේවෙතත් ශ්‍රී ලංකාව මේ වෙද්දි නෞකාවේ හිටපු 32ක් බේරාගෙන ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කරලා තියෙනවා. ඒ අයගෙන් තොරතුරු ලබාගෙන තමයි ඉදිරි විස්තර කියන්න පුළුවන්.” 

“මළ සිරුරු කිහිපයක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගෙන තිබෙනවා. සොයාගත් මළ සිරුරු නෞකාවේ සේවකයින්ගේ බවට අපි සැක කරනවා.”

මෙම මාධ්‍ය හමුවේදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here