Caravan Fresh ආයතනයේ නිල ෆේස්බුක් පිටුවෙහි පලකළ සටහනක් ඊයේ (03) දිනයේ දැඩි ආන්දෝලනයට ලක්විය.
එහි දැක්වුණේ එම ආයතනයේ නිෂ්පාදනය කරන කෙටි කෑමක් (Short Eats) වන Chiken Cheese Bomb මේ වන විට ඇතිව තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරි මෙහෙයුම් සඳහා බෝම්බයක් ලෙස යොදාගන්නා බවට පැතිර යන ප්‍රචාරය අසත්‍ය බවය.
අදාළ දැන්වීම පහතින් දැක්වේ.

කෙසේවෙතත් මෙම සටහන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධයක් එල්ල විය.
දහස් සංඛ්‍යාත පුද්ගලයින් හා දරුවන් මිය යන යුදමය තත්ත්වයක් සම්බන්ධයෙන් වාණිජ අරමුණකින් හාස්‍ය මතුකිරීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයක් ලෙසට බොහෝදෙනා අදහස් දක්වා තිබුණි.
දිගින් දිගටම Caravan Fresh ආයතනයය වෙත එල්ලවූ විරෝධයත් සමඟ ඔවුන් ඊයේ පස්වරුවේ අදාළ සටහන ඉවත්කරගත් අතර පසුව එහි පාලනාධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා නිවේදනයක්ද නිකුත් කර තිබුණි.

එහි දැක්වෙන්නේ සමාජ මාධ්‍ය තුළ තම ආයතනයට එල්ල කර චෝදනාවල දැක්වෙන පරිදි අභිප්රායක් Caravan Fresh ආයතනයට නොමැති වූ අතර ඔවුන්ට අවශ්‍ය වූයේ මෙම අභියෝගාත්මක කාලයේ සුළු සහනයක් ගෙන ඒම පමණක් බවය.
Saru News
















