බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකී – චීනය ඊශ්‍රායලය වෙත අවධාරණයි

0
4

බලහත්කාරයෙන් ගැටලු විසඳිය නොහැකි බවත්, ඉන් සිදු වන්නේ නව ගැටලු ඇති වීම සහ බරපතළ දිගුකාලීන ප්‍රතිවිපාක ඇති වීම පමණක් බවත් චීනය ඊශ්‍රායලය වෙත අවධාරණය කර තිබේ.

එබැවින් ගැටුම් තවදුරටත් උත්සන්න වීම සහ පාලනයෙන් පිටතට යාම වැළැක්වීම සඳහා හමුදා මෙහෙයුම් වහාම නතර කරන ලෙසයි චීනය ඉල්ලා සිටී.

ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar මහතා සමග දුරකථන සංවාදයකට එක්වෙමින් චීන විදේශ අමාත්‍ය වං යී මහතා මේ බව සඳහන් කර තිබේ.

ගෝලීය රාජ්‍යයන් සිය ජාත්‍යන්තර සබඳතා තුළ බලය අනිසි ලෙස භාවිත කිරීමෙන් හෝ එවැනි භාවිතයන්ට අදාළ තර්ජන කිරීමෙන් වැළකී සිටිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා එහිදී අවධාරණය කර ඇත.

ඊශ්‍රායලය ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ මූලික අවශ්‍යතාවන්ට ද එය අදාළ වන බව ඔහු පෙන්වා දී තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, චීනය සැමවිටම සංවාදය සහ සාකච්ඡා මාර්ගවලින් ජාත්‍යන්තර සහ කලාපීය උණුසුම් ගැටලු විසඳීමට ඉදිරිපත් වන බවත්, සියලු පාර්ශ්වයන් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්මවලට අනුකූල විය යුතු බවත්ය. 

ඉරානය සහ අමෙරිකාව අතර මෑත කාලීන සාකච්ඡා, ඊශ්‍රායලයේ ආරක්ෂාව සම්බන්ධයෙන් වන අවධානය ද ආවරණය වන පරිදි කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතත්, කණගාටුදායක ලෙස මැදපෙරදිග කලාපය වෙත සන්නද්ධ ගැටුමකින් බාධා එල්ල කර ඇති බව ද චීන විදේශ අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

තවද, මැදපෙරදිග ගැටලුව සම්බන්ධයෙන් සැමවිටම සාධාරණ ස්ථාවරයක සිටින චීනය, ගැටුම් අවම කිරීම ප්‍රවර්ධනය කිරීමේදී අඛණ්ඩව ඵලදායී කාර්යභාරයක් ඉටු කරන බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here