පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව පැමිණිලි 180ක්

0
14


පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මේ වන විට පැමිණිලි 180ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඉන් පැමිණිලි 179ක්ම ලැබී ඇත්තේ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළවයි.

ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

ඊයේ පස්වරු 04යි 30න් අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 46ක්. 

පසුගිය 20 වනදා සිට ඊයේ දිනය දක්වා ලැබී ඇති පැමිණිලි 180න් වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතයි.

එම පැමිණිලි සංඛ්‍යාව 164ක් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටද පැමිණිලි 16ක් ලැබී තිබෙනවා. 

ලැබී ඇති සමස්ත පැමිණිලි 180න් 133ක් මේ වන විට විසඳා ඇති බවද මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

සෙසු පැමිණිලි 47ට අදාළ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පැවසුවේ. 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here