දක්ෂිණ අධිවේගී මාර්ගයේ සුඛෝපභෝගී බසයක් ගිනිගනී

0
15


දක්ෂිණ අධිවේගී මාර්ගයේ අද (28) දහවල් 32 -7R කණුව ආසන්නයේ දී සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.

මාතර සිට කොළඹ දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි පොලිසිය පැවසුවේ.

රථය ගින්ගන්නා අවස්ථාවේ දී එහි රියදුරු සහ රිය සහායකයා පමණක් රැඳී සිට ඇති බවයි වාර්තා වුණේ.

ගින්නෙන් ඔවුන්ට කිසිඳු හානියක් සිදුව නැහැ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here