මහින්ද අල්ලන්න කාටවත් බෑ – Saru News | සිංහල

0
8

විදේශ සංචාර සඳහා මහින්ද රාජපක්ෂ 2010 – 2015 කාලය තුළ වැය කර ඇති මුළු මුදල රුපියල් මිලියන 3,572ක් වන අතර, ඉන් පසුව ජනාධිපති ධුර දැරූ මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක යන සියළු ජනාධිපතිවරු ඒ සඳහා කළ සියළු වැය කිරීම්වලට වඩා අති විශාල වියදමක් දරා තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2015 – 2019 කාලය තුළ රුපියල් මිලියන 384ක් ද, ගෝඨාභය රාජපක්ෂ 2019 සැප්තැම්බර් සිට 2022 ජූනි අවසානය දක්වා රුපියල් මිලියන 126ක් දරා තිබේ. ඉන්පසු පොහොට්ටු මන්ත්‍රීවරු විසින් පත් කර ගත් රනිල් වික්‍රමසිංහ 2022 ජූලි අවසානයේ සිට 2024 සැප්තැම්බර් අවසානය දක්වා රුපියල් මිලියන 533ක් වැය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක 2024 සැප්තැම්බර් සිට මේ දක්වා විදේශ සංචාර 7ක් සඳහා රුපියල් මිලියන 14.97ක් පමණක් වැය කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ විදේශ සංචාර 6ක් සඳහා රුපියල් මිලියන 126ක් වැය කර ඇති අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක විදේශ සංචාර 7ක් සඳහා රුපියල් මිලියන 15කටත් වඩා අඩු මුදල් වැය කර තිබීම විශේෂත්වයකි. නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ පාර්ලිමේන්තුවේ දී ඊයේ (03) මෙම තොරතුරු හෙළි කළ වීඩියෝව පහත දැක්වේ.

තෙල් පෝලිමේ වොයිස්කට් දුන්න නයි නාලිකාවයි ඉර නාලිකාවයි අන්තිමේ නිවුස් එක ගහපු විදිහ ජයසිංහ කියයි


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here