පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයි.
මෙය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇති අතර එය 17%කි.
තවද, එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655කි.
ඒ අතරින් සංචාරකයින් 99,740ක් ඉන්දියාවෙන්, 50,233ක් රුසියාවෙන් සහ 60,328ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.
Saru News
















