හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුවට දින නියම වෙයි

0
3

සටහන – රුවන් නෙළුගොල්ල

2006 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එම ආයතනයට කුලී පදනම මත වාහන ලබා ගැනීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩු හතරක තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කර තිබේ.

ඒ, එම නඩු ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී ය.

එහිදී නඩුවේ පාර්ශ්වකරුවන් විසින් වාචික දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරිණි.

ඉන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මෙම නඩු හතරේ තීන්දුව අප්‍රේල් මස 30 වනදා ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කළේය.

අල්ලස් කොමිසම විසින් පසුගිය යහපාලන රජය සමයේ මෙම නඩු ගොනුකර තිබිණි.

The post හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ නඩු හතරක තීන්දුවට දින නියම වෙයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here