දුමින්ද සිල්වාට තවත් නඩුවක්… දෙමටගොඩ රුවන් බේරගන්න අල්ලස් අරගෙන… – Saru News | සිංහල

0
3

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා රුපියල් මිලියන 15ක අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබේ.

ඒ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම ඊයේ (03) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එලෙස රුපියල් මිලියන 15ක අල්ලස් ඉල්ලා ඇත්තේ අයතා මුදල් ඉපැයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කාරුවෙකු මෙන්ස සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබාදීමට සහ ඔහුගේ පවුලේ අනිත් අය අත්අඩංගුවට ගැනීම වැළැක්වීමට දෙමටගොඩ රුවන් නැමැත්තාගේ පුතාගෙනි.

දුමින්ද සිල්වාට රුපියල් මිලියන 05ක් සහ තවත් අයෙකුට රුපියල් මිලියන 10ක් ලෙස රුපියල් මිලියන ප15ක මුදල, දෙමටගොඩ චමින්දගේ පුතෙකු විසින් ලබා දී ඇති බව පැවසේ.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here