හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම:ලෝක වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට!

0
3

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:මැදපෙරදිග ආරම්භ වී තිබෙන යුධමය වාතාවරණය හමුවේ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළට එල්ල වී ඇති බලපෑම මෙන්ම එමඟින් ශ්‍රී ලංකාවට සිදුවිය හැකි බලපෑම පිළිබඳ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා අදහස් දක්වා තිබේ.

ලෝක ඛනිජ තෙල් හුවමාරුවෙන් 20%ක පමණ ප්‍රමාණයක් මෙම හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන අතර පැනනැගී තිබෙන අර්බුදය හමුවේ ලෝක ඛනිජ තෙල් මිල 10%ත් 15%ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමක් සිදුව ඇත.

ඒ අනුව මෙහිදී ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට පහර දීමේ දේශපාලන ප්‍රශ්නයට එහා ගිය ලෝක බල තුලනය දක්වා වූ ප්‍රශ්නයක් බවට මෙය පරිවර්තනය විය හැකි බවයි මහාචාර්යවරයා පවසන්නේ.

”කෙසේ වෙතත් ඇමරිකාව ඇතුළු බටහිර රාජ්‍යයන් සහ චීනය රුසියාව ඉරානය වැනි රටවල් යුද්ධයක් ඇති වුනොත් විශාල ලෝක යුද්ධයක් නිර්මාණය වෙනවා ඒ තුළින් විශාල ආර්ථික අර්බුදයක් ඇතිවෙනවා මේ හරහා බල ශක්තිය අර්බුදයක් ඇතිවෙනවා. මේක ලංකාවට බලපාන්නේ කෙසේද විශේෂයෙන්ම බොරතෙල් මිල මේ වන විටත් වැඩි වෙලා තියෙනවා. තෙල් ආනයන පිරිවැය ඩොලර් මිලියන පන්සියයකින් පමණ වැඩි වෙනවා. මේ හරහා සංචාරක කර්මාන්තය අධෛර්යමත් වෙන්න පුළුවන්. රුපියලේ අගයට බලපෑමක් සිදුවෙනවා. ආර්ථිකයට එය දැඩි ලෙස බලපානවා. 2028 ණය ගෙවන්න තියෙනවා. මේ ණය බර වැඩිවීමක් වෙනවා ආර්ථික අර්බුදයෙන් පසුව ඔලුව උස්සන රාජ්‍යයක් වශයෙන් ලංකාව. මෙන්න මේ සුළු වෙනසක් පවා දැඩි බලපෑමක් ආර්ථිකයට සිදුවන්න පුළුවන්. ප්‍රවාහනයට පවා බලපෑමක් සිදුවන නිසා උද්ධමනය වැඩිවීමක් වෙන්නත් පුළුවන්. 5% වඩා උද්ධමනය වැඩි වුණොත් මහ බැංකුවට සිදුවෙනවා පොලී අනුපාත වැඩි කරලා උද්ධමනය පාලනය කරන්න. ඒක ආර්ථිකයට අහිතකර ආයෝජකයන්ගේ විශ්වාසට පළුදු කරනවා. මිල දර්ශක 5% කින් පහළ ගියපු නිසා කොටස් වෙළඳපොළ අද උදේ කාලයේ නවතා දැමීමක් සිදුවෙනවා. ඒ වගේම ප්‍රාග්ධන වෙළඳපොළ ආයෝජන අඩුවෙනවා. ඒ නිසා මෙන්න මේ යුදමය වාතාවරණය ශ්‍රී ලංකාවට දැඩි ලෙස බලපානවා.”

එමෙන්ම මෙරට අපනයන ආදායමෙන් 26% පමණ ඇත්තේ ඇමරිකාව සහ ඊශ්‍රායල් වෙළඳපොළවල් ඇතුළු මැද පෙරදිග වන අතර එම වෙළඳපොළ අහිමි වුවහොත් ආදායමේ අඩුවීමක් සිදුවිය හැකි බවද මහාචාර්යවරයා සඳහන් කරයි.

The post හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම:ලෝක වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here