Update – මියන්මාර භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව දහස ඉක්මවයි

0
14


මියන්මාරයේ ඊයේ (28) සිදු වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, අනුව මෙම භූමිකම්පාවෙන් මියන්මාරය තුළ 1,002ක් මියගොස් ඇති බවයි එටර හමුදා රජය පවසන්නේ.

මියන්මාරය තුළ තවත් 2,376 දෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වනවා.

රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබලත්වයක් සටහන් වූ මෙම භූමිකම්පාව අසල්වැසි තායිලන්තය සහ චීනයට ද දැනී තිබුණා.

මේ අතර තායිලන්තය බැංකොක්හි කඩා වැටුණු ගොඩනැඟිල්ලක සිරවී සිටින කම්කරුවන් බේරාගැනීමට උත්සාහය තවමත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සුන්බුන් අතර 100 කට වැඩි පිරිසක් සිරවී සිටින බවට විශ්වාස කරන බවයි තායි බලධාරීන් මීට පෙර පැවසුවේ.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here