ඔබත් ප්‍රවේසම් වන්න

0
12


අධිවේගී මාර්ගවල රිය ධාවනය කිරීමේ දී විශේෂ අවධානයට ලක් විය යුතු කරුණු 7ක් පිළිබඳව බීබීසී සිංහල වෙබ් අඩවිය වාර්තාවක් පළ කර ඇත.

නුවර අධිවේගී මාර්ගයේ දී පසුගිය දා සිදු වූ රිය අනතුරකින් කැලණිය විශ්ව විද්‍යාලයේ කතිකාචාර්යවරයෙකු සහ ඔහුගේ බිරිඳ මෙන් ම සොහොයුරා ද මිය ගොස් තුන් නිවුන් දරුවන්ගේ ජීවිත බේරිම සම්බන්ධයෙන් සමාජයේ විශේෂ අවධානයක් යොමු වී ඇත.

එම අනතුර පදනම් කර ගනිමින් බීබීසීය තැබූ සම්පූර්ණ සටහන පහතින් දැක්වේ.

අධිවේගී මාර්ගවල සිදුවන රිය අනතුරු ගැන මේ දිනවල සමාජයේ දැඩි අවධානයක් යොමුව තිබේ.

ඒ, කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු, ඔහුගේ බිරිඳ සහ ඇයගේ සොහොයුරා මාර්තු 18 වන දා මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමත් සමග ය. එම අනතුරින් කථිකාචාර්යවරයාගේ දරුවන් තිදෙනා ද තුවාල ලබා තිබිණි.

අධික වේගයෙන් රිය ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව සඳහන් විණි.

මෙම සිදුවීමෙන් පසු සමාජ මාධ්‍යවල අධිවේගී මාර්ගවල ගමන් කරන රියැදුරන් අනතුරු වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විවිධ අදහස් පළවන අයුරු නිරීක්ෂණය කිරීමට හැකි විය.

ඒ අනුව, බීබීසී සිංහල අධිවේගී මාර්ගවලදී සිදුවන රිය අනතුරු වළක්වා ගැනීමට රියැදුරන්ට පිළිපැදිය හැකි පහසු සහ ඵලදායී පියවර කිහිපයක් පිළිබඳව විමසා බැලීමට මොරටුව විශ්වවිද්‍යාලයේ, ප්‍රවාහන හා සැපයුම් කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමල් කුමාරගේ සම්බන්ධ කර ගත්තේ ය.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට අධිවේගී මාර්ග හඳුන්වා දී වැඩි කලක් ගොස් නොමැති බැවින් රියැදුරන්ට මෙම මාර්ග සම්බන්ධයෙන් ඇති අත්දැකීම් තරමක් අඩු බව ය.

ඔවුන්ට බොහෝ වේලාවට සාමාන්‍ය මාර්ගවල ධාවනය කර අධිවේගී මාර්ගවල වාහන ධාවනය කිරීමේදී ඊට අවශ්‍ය මානසිකත්වය හැඩගැසීම ප්‍රමාණවත්ව සිදු නොවන්නේ යැයි තමන් සිතන බව ද මහාචාර්යවරයා පැවසීය.

එසේ වුව ද අනතුරු සඳහා හේතු සාධක කිහිපයක් බලපාන බව ත් මාර්ගවල ඇති අඩුපාඩු, මෝටර් වාහනවල ඇති අඩුපාඩු, රියැදුරා සහ මාර්ග භාවිත කරන වෙනත් රියැදුරන්ගෙන් සිදුවන අඩුපාඩු ඒවා අතර වන බව ත් ඔහු පෙන්වා දුන්නේ ය.

මහාචාර්ය අමල් කුමාරගේ සඳහන් කළේ, අධිවේගී මාර්ගයක “වැදගත් ම දේ” වේගය බව ය. ඉක්මනින් ගමන් කිරීම සඳහා ඒවා නිර්මාණය කරන බව ඔහු පැවසීය.

“එතකොට වේගය කියන එක දෙපැත්තට කැපෙන කඩුවක්. මොක ද එක පැත්තකින් අපිට විනාඩි 5ක්, පැයක් දෙකක් ඉතුරු කර ගන්න පුළුවන්. අනෙක් පැත්තෙන් ජීවිතයක් නැති කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වේගය හසුරුවන එකට පුරුදු වෙන්න ඕනේ,” ඔහු සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ගවල ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 100කි. එය ඉක්මවා යාම දඬුවම් ලැබිය හැකි වරදකි.

මෝටර් වාහනවල වේග මාපකයේ ඊට වැඩි අගයක් සඳහන් කර ඇති නිසා එම සීමාව ඉක්මවා ධාවනය කළ හැකි බවට යමෙකු හැඟිය හැකි බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, ඉන්ජිනේරුවන් විසින් මාර්ග සෑදීම සිදු කරනු ලබන්නේ යම් වේග සීමාවකට යටත්ව මහාචාර්යවරයා පෙන්වා දුන්නේ ය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here