වැඩි මිලට ඩීසල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

0
3

නීති විරෝධී ලෙස වැඩි මිලට ඩීසල් අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය පූගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ(02) මල්වතුහිරිපිටිය පොලිස් වසමේ අංක 109/5/3, අරමංගොඩ උතුර, බුත්පිටිය යන ලිපිනයේදීයි වැටලීම සිදුකර ඇත.

එහි දී බලපත්‍ර නොමැතිව වැඩි මිලට ඩීසල් අලෙවි කරමින් සිටි බුත්පිටිය, අරමංගොඩ උතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50 ක පුද්ගලයෙකු ඩීසල් ලීටර් 413 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මල්වතුහිරිපිටිය පොලිස් ස්ථානය වෙත භාර දීමටයි කටයුතු කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here