ලාංකේය සිනමාවට සියවසක් සම්පූර්ණවීම නිමිත්තෙන් ”සිනමා විමර්ශී” සඟරාව නිකුත් කර, ගෙවුණු කාලය තුළ නිෂ්පාදනය කළ හොඳම චිත‍්‍රපට 25ක ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත් කර තිබේ.
මේ සඳහා ක්ෂේත‍්‍රයට සම්බන්ධ 150 දෙනෙකුගෙන් මත විමසා තිබූ අතර, එයින් 102 දෙනෙකු විසින් ලබාදී තිබූ පිළිතුරු අනුව මෙම චිත‍්‍රපට 25 ඇගයීමට ලක්කර තිබිණි. එම චිත‍්‍රපට නාමාවලිය පහත දැක්වේ.
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, රේඛාව – 1956
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, ගම්පෙරළිය – 1963
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, දෙලොවක් අතර – 1966
ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ, පරසතු මල් – 1966
සිරිගුණසිංහ අධ්‍යක්ෂණය කළ, සත්සමුදුර – 1967
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, ගොළුහදවත – 1968
මහගම සේකර අධ්‍යක්ෂණය කළ, තුංමංහන්දිය – 1970
ඩී.බී නිහාල් සිංහ අධ්‍යක්ෂණය කළ, වැලිකතර – 1971
ටයිටස් තොටවත්ත අධ්‍යක්ෂණය කළ, හාරලක්ෂය – 1971
ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ, නිධානය – 1972
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, අහස්ගව්ව – 1974
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, බඹරු ඇවිත් – 1978
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, පාරදිගේ – 1980
ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, හංසවිලක් – 1980
ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ, සොල්දාදු උන්නැහේ – 1981
ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ, තුන්වැනි යාමය – 1982
වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ, දඩයම – 1983
තිස්ස අබේසේකර අධ්‍යක්ෂණය කළ, විරාගය – 1987
ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, පුරහඳ කළුවර – 1997
ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, පවුරු වළලූ – 1999
අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ, මේ මගේ සඳයි – 2000
ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ, ඉරමැදියම – 2003
බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ, මිල්ලෙ සොයා – 2004
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ, සුළඟ එනු පිණිස – 2005
විමුක්ති ජයසුන්දර අධ්‍යක්ෂණය කළ, අහසින් වැටුණා – 2009
0
Saru News
















