මියන්මාරයේ මැන්ඩලේ අසල අද තවත් භූකම්පනයක් සිදුවී තිබෙනවා
මැන්ඩලේ ප්‍රදේශයට වයඹ දෙසින් කිලෝමීටර් 28ක් පමණ දුරින් වූ ප්‍රදේශයක රික්ටර් මාපක 5.1 ක ප්‍රබල භූමිකම්පාවක් ඇති වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
නවතම පසු කම්පනයෙන් පසු සිදු වූ හානි පිළිබඳ වාර්තා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
සිකුරාදා ඇති වූ දැවැන්ත භූමිකම්පාවෙන් පසු හදිසි කණ්ඩායම් මියන්මාරයේ දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශවල ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම කරගෙන යමින් සිටියදී මෙම භූමිකම්පාව ඇති වී තිබෙන්නේ
පසුගිය 28 වනදා රිච්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතුව සිදුවූ ප්‍රබල භූකම්පනයෙන් අනතුරුව තවත් පසු කම්පන 14ක් ද ඒ ආශ්‍රිතව වාර්තා වී තිබුණි.
මෙම භූමිකම්පාවෙන් පුද්ගලයින් 1,644 දෙනෙකු මිය ගොස් 2,376 දෙනෙකු තුවාල ලබා 3,408 දෙනෙකු අතුරුදහන් වී ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් සඳහන් කර තිබෙනවා
Saru FM Media