ට්‍රමිප් සුනාමිය තවම අවසන් නැත. දෙවන බදු සුනාමිය අප්‍රේල් 02 දා.!

0
12


අශෝක ජයතුංග

මාර්තු 30 වොෂින්ටන් LNW :

🍎තෙවන සුනාමියක් ගැනත් මත.

🍎 වාහන වලටත් 25% කින් අරී. ජපානය හා යුරෝපය තිගැස්සෙයි.

🍎ට්‍රම්ප්,සිරිමාවෝ හා ගෝටා…?

ඇමෙරිකාව යළි ලොව කිසිවෙකුටත් ලංවිය නොහැකි අදීනම රටක් බවට පත්කරන්නට ජනපතිවරණයේදී ප්‍රතිඥා දුන් ට්‍රම්ප් ඡන්දෙන් පසු ඒවා අමතක කොට වෙන පාරක ගියේ නැත. කම් ඹි චිකාගෝ කියා පැය 24 ක් තුළ එක පෑන් පහරින් ලොවම කළඔන තීන්දු 72 ගත්තේය.

ට්‍රම්ප් ඉන් නැවතුනේ නැත.සතියෙන් සතිය තව තවත් තීන්දු ගනිමින් විටෙක ඇමෙරිකානුවන් පවා තැති ගන්වන ලෙස ක්‍රියා කළේය. ලොවට ඇමෙරිකන් ආධාර සැපයු USAid අහෝසි කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා ජිනීවා මානව හිමිකම් කොමිසමෙන් ඉවත් වුණේය.යුද්ධ නවත්තපල්ලායි යුක්රේනයට ඉරානයට හා හමාස් එකට රතු එළි දල්වා කරටි මිරිකුවේය. ඇමෙරිකාවට අවාසි වන ආනයන අපනයන පරතර සහිත රටවලට ඒවා සමබර වන ලෙස අධිකව කප්පරක් බදු ගැසුවේය. හොරෙන් පැන ඇමෙරිකාව තුළ සිටින අය කොටු කර යළි පැටවීම ද ආරම්භ කළේය.

“Dirty15” නමින් රටවල් 15 ක් ට්‍රම්ප් නම්කර තිබේ. ඉන් පළමු බදු රැළ්ලට කැනඩාව මෙක්සිකෝව ඇතුලත් විය. යුරෝපා සංගමයේ රටවල් 27 හා චීනයට ද බදු තග දැම්මේය. බදු තගේ දෙවන වටය අප්‍රේල් 02 දාය. ඊට ඉන්දියාව හා ආසියාවේ රටවල් බිළිවෙතැයි කියවේ. ඒ අතර ලංකාව සිටීදැයි කීමට පැහැදිලි සාක්කි නැත. දැන් සියලු රටවල් ඒ තුළ ඇමෙරිකානු බදු ප්‍රතිපත්තියේ මහ දෙවොල වන එරට වෙළෙද දෙපාර්තමේන්තු වන්දනාවේය.

ලොව බොහෝ රටවල් තම වෙළෙද පොළ බවට පත්කර ගෙන ඇත්තේ ජනගහනය කෝටි 35 කට ආසන්න ඇමෙරිකාවය. ඊට හේතුව වන්නේ ඔවුන් හදට අගහරු ලොවට අභ්‍යවකාශය ජයගැනීම නව තාක්ෂණ හා විද්‍යාත්මක සොයා ගැනීම් හා නව වෙළෙද සන්නාම බිහි කරන්නට හා තිරිඟු වවන්නට හැර වෙන දේවල් වලට ප්‍රමුඛත්වය නොදීමය. ඒ තුළ චීනයෙන් ඉන්දියාවෙන් ලතින් ඇමෙරිකාවෙන් ආසියාවෙන් අප්‍රිකාවෙන් යුරෝපයෙන් ඇමෙරිකාවට අවශ්‍ය සියලු භාණ්ඩ ලබා ගැනීම දශක කිහිපයක් පුරා සිදු කරමින් සිටියහ. එහෙත් එම කටයුත්ත නිසා ඇමෙරිකානු මුදල් ඩො බිලියන සිය දහස් ගණන් පිටරට ඇදී ගියේය. එම වෙළෙද පරතර සහිත සියලු රටවලට බදු හරහා ගේම දී ඇමෙරිකාවට පාඩු නොවන වෙළෙද පසුබිමක් තැනීම ට්‍රම්ප් න්‍යාය වේ.ලෝකයම දෙදරවන ආර්ථික යුද්ධය දැන් පවතින්නේ එතනය.

ඇමෙරිකාවේ සබබර්න්, ටෙස්ලා පෝfඩ්, ජී එම් ඇතුළු වාහන නිපදවුව ද මුළු ඇමෙරිකාව පුරා වැඩපුර පවතින්නේ ජපන් ටොයොටා හා හොන්ඩා වාහනය. ඒ මධ්‍යම පාන්තිකයන් අතරය. නැතහොත් බෙන්ස් බී එම් ඩබ්ලිව් වොල්වෝ වොක්ස්වැගන් පෝර්චේ වැනි යුරෝපා වාහනය.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here