ක්‍රීඩාවෙන් ජීවිතයට ලැබෙන ගුණාංග ව්‍යාපාර කේෂ්ත්‍රයේ සාර්තකත්වයට වැදගත් – රවිශංකර් වික්නේස්වරන්

0
3

නිශ්මං රණසිංහ ,මාර්තු 03 කොළඹ LNW:

නායකත්වය,පාරිභොගිකයා සමඟ පවත්වන අනොන්‍ය ගණුදෙනුව මෙන්ම කණ්ඩායම් හැඟිම වැනි ක්‍රීඩාව හරහා ජීවිතයට ලැබෙන ගුණාංග ව්‍යාපාර ක්ෂේත්‍රයේ සාර්ථකත්වයට අතිශයින් වැදගත් බවත්,එම නිසා ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම තුළ ක්‍රීඩාව කරන අයට විශාල වෘත්තිමය ඉඩක් සකස් කර ඇති බවත් ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී [Chief Executive Officer] රවිශංකර් වික්නේස්වරන් පවසනවා.වෙළද සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන 2026 MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 20 ලීග් ක්‍රිකට් තරගාවළියට අනුග්‍රාහකත්වය දැක්වීමට අඛණ්ඩ අට වන වතාවටත් ඉදිරිපත් වී සිටින ෆෙයාෆස්ට් රක්ෂණ සමාගම [Fairfirst Insurance Limited] එම අනුග්‍රාහකත්වය පිරිනැමීම වෙනුවෙන් වෙළද සේවා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවේදී එසේ අදහස් දැක් වූවා.

ෆෙයාෆස්ට් රක්ෂණ කුසළාණය’ [Fairfirst Insurance Trophy] දිනා ගැනීම වෙනුවෙන්
මෙවර MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 20 ලීග් ක්‍රිකට් තරගාවළියට කණ්ඩායම් විසි හතරක් [24] ඉදිරිපත් වී සිටියා. ඔවුන් පහත සදහන් ලෙස කාණ්ඩ හතරක් [4] යටතේ තරග වැදුණා.

ඒ’ කාණ්ඩය [කණ්ඩායම් 6] : සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගම [Softlogic Life Insuarance] , පැන් ඒෂියා බැංකුව [PABC], මෙට්‍රෙපොලිටන් සමූහය [Metropolitan Group], අැට්කින්ස්පෙන්ස් [Aitken Spence], සීමාසහිත ඇස්ට්‍රන් [Astron Limited], මැක්ලැරන්ස් සමූහය [Mclarance Group]
බී’ කාණ්ඩය [කණ්ඩායම් 6] : එමර්චෙමි එන් බී [Emerchemie NB], පවර් හෑන්ඩ් ප්ලාන්ටේෂන්ස් ‘බී ‘ [Power Hand Plantation “B”], සිලොන් ටුබැකො [Ceylon Tobacco]’ රන්පත් සමුහය [Ranpath Group], ඇන්සල් ටෙක්ස්ටයිල් [Ansell Textiles], ඒස් ඒ ජී ටී [SAGT]
සී’ කාණ්ඩය [කණ්ඩායම් 6]. , කොමර්ශල් බැංකුව ‘බී’ [Commercial Bank ‘B’], කැමරා එල් කේ [Camera LK], සියම් සිටි සිමෙන්ති [Siam City Cement] , ඇන්සල් ලංකා [Ansell Lanka], , එම්පයර් ටී [Empire Tea], ‘සීමාසහිත MAS ඇක්ටිව් බියගම [MAS Active Biyagama]
ඩී’ කාණ්ඩය [කණ්ඩායම් 6] : කොමර්ෂල් ක්‍රෙඩිට් [Commercial Credit] . අැටයර් සමූහය [Attire Group] , ඒච් ඒන් බී අැෂුවරන්ස් [HNB Assurance], ගැමා පීසා ක්‍රාෆ්ට් [Gamma Pizza Craft], ඊ බී ක්‍රිසි [E B Creasy] සිට්‍රෙක්ස් සමූහය [Sitrex Group]
තරගාවළියේ ව්‍යුහය: [The Tournament Structure]
තරගාවළිය අදියර fදකකින් සමන්චිත වන අතර, පළමු අදියර ජනවාරි පහලොස් [15 ] වන දින අාරම්භ වී, පෙබරවාරි මස පහලොස් [15] වන දින අවසන් වූ පන්දු වාර විස්සෙ [T20] තරග හැටකින් [60] යුක්ත ‘ලීග්’ අදියරයයි. දෙවන අදියර අවසන් තරගය ඇතුලුව තරග පහලවකින් [15] යුක්ත පිළිමළුන් පිටු දැකීමේ [knockout] අදියරයයි.

‘ලීග්’ තරග අදියරය: [League stage]
ජනවාරි මස පහලොස් [15 ] දින සිට පෙබරවාරි මස පහලොස් වන [15 ] දින දක්වා පැවැත්වුනි.

පිළිමළුන් පිටු දැකීමේ අදියරය: [Knockout stage]
පිළිමළුන් පිටු දැකීමේ අදියරයේ
පූර්ව අර්ධ අවසන් පූර්ව තරග [pre-quarter final] පෙබරවාරි මස විසි ඒක් [21] වනදා
අර්ධ අවසන් පූර්ව තරග [quater final] පෙබරවාරි මස විසි අට [28] වනදා

අවසන් පූර්ව තරග [semi final] මාර්තු මස හත් [07] වන දින පවත් වනු ලබන අතර, අවසන් මහා තරගය [final] මාර්තු මස දහ හතර [14] වන දින පැවැත්වේ.

ක්‍රීඩක පාලක කණ්ඩායම [PCT]
සෑම තරගයක් සදහාම වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් පත් කරන ලද තරග තීරකවරයකු, ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය [ACUSL] විසින් පත් කරන ක්‍රිකට් විනිසුරුවන් සහ ලකුණු සටහන් කිරීමට සහ ඩක්වර්ත් – ලුවිස් – ස්ටර්න් ක්‍රමය [DLS] කළමණාකරනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන් කරුවන්ගේ සංගමය විසින් පත් කරන ලකුණු සටහන් කරුවන් ද යොදවනු ඇත.

නිල තරග පන්දුව
අවසන් මහා තරගය දක්වා සෑම තරගයක් සදහාම, වෙළද සේවා ක්‍රිකට් සංගමය විසින් ම පකිස්තානයෙන් ආනයනය කරන ලද, වෙළද සේවා ක්‍රිකට් සංගමයේ නිල ලංජනය මුද්‍රනය කර ඇති GOC ලීග් සුදු ක්‍රිකට් පන්දු [GOC League White Ball] භාවිතා කරනු ලැබේ. මෙම පන්දු ආනයන වියදමටම කණ්ඩායම් වෙත සපයනු ඇත.

විශේෂ ත්‍යාග
හොදම පිතිකරු , හොදම පන්දු යවන්නා. තරගාවළියේ වීරයා, අවසන් තරගයේ වීරයා

ගිය වසරේ අවසන් තරගය
2025 මැයි මස තුන් 3 වනදා වෙළද සේවා ක්‍රිකට් සංගම් පිටියේ පැවැති MCA ‘F’ කාණ්ඩයේ පන්දු වාර 25 ලීග් ක්‍රිකට් තරගාවළියේ අවසන් තරගයේදී එච්එන්බී ‘බී’ [HNB ‘B’] පිළ ,
ඩයලොග් ඇක්සියාටා [Dialog Axiata] පිළ ලකුණු තිස් හතරකින් [34] පරාජය කරමින් ශුරතාව හිමි කර ගත්හ.

වෙළද සේවා ක්‍රිකට් සංගමයට නිළ වශයෙන් අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ නිල උත්සවය සහ මාධ්‍ය සාකච්ඡාවේ දී අදාළ අනුග්‍රාහක චෙක්පත සිමාසහිත ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ප්‍රධාන විධායක නිළධාරී [Chief Executive Officer] රවිශංකර් වික්නේස්වරන් [Ravishankar Vigneswaran] විසින් වෙළදසේවා ක්‍රිකට් සංගමයේ සභාපති සිරොශ ගුණතිලක අතට පත් කරන ලදී.

මෙම අවස්තාවට සිමාසහිත ෆෙයාෆස්ට් රක්ෂණ සමාගමේ ඩිජිටල්, අලෙවිකරණ සහ පාරිභොගික අත්දැකීම් අංශ ප්‍රධානි [Head of Digital, Marketing & Customer Experince] ක්ලෙමන්ට් ප්‍රනාන්දුපුල්ලෙත් [Clement Fernandopulle] වෙළදසේවා ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේකම් අචින්ත හෙවානායකක් [Achintha Hewanayake] සහභාගී වූහ.

The post ක්‍රීඩාවෙන් ජීවිතයට ලැබෙන ගුණාංග ව්‍යාපාර කේෂ්ත්‍රයේ සාර්තකත්වයට වැදගත් – රවිශංකර් වික්නේස්වරන් appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here