හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය පැවසුවේ වැලිවේරිය ඇඹරලුව උතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 25ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවය.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බව ද සඳහන්.
එම කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25ක් සහ ජාවාරමෙන් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 410,470 මුදලක් සමග තවත් කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 60 හැවිරිදි කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
Saru News
















