ජනතාවට ඉතාම සංවේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ වෙනත් සෞඛ්‍ය වෘත්තීය සමිති නායකයෙකු වන රවී කුමුදේෂ් මෙන් ම සමන් රත්නප්‍රිය එක් වී අලුත් සන්ධානයක් අවබෝධතා ගිවිසුමක් මත ගොඩ නගා ගෙන තිබේ.
එම සන්ධානය වෛද්‍යවරුන්ගේ සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් පිහිටුවා ගත්තක් නොව, හුදු දේශපාලන අරමුණු වෙනුවෙන් ගොඩ නගා ගෙන ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී. එම සංගමයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් නව එකමුතුවේ පටු දේශපාලන මුහුණවර හෙළි කර ඇත. මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස දිනමිණ පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ “ඉන්ධන ගැටළුවක් ඇති බව රජය අපට කියා නෑ – ඒ නිසා වර්ජනය දිගටම ගෙන යනවා” යනුවෙනි. නව සන්ධානයේ පටු දේශපාලන අරමුණු පිටුපස සිටින දේශපාලන කණ්ඩායම් සජිත්, නාමල් සහ රනිල්ගේ නායකත්වයෙන් යුක්ත බව තහවුරු වී තිබේ.
3
Saru News
















