මැදපෙරදිග යුද්ධය පිළිබඳ නවතම යාවත්කාලීන කිරීම මෙතනින්

0
3

UPDATE – 07.28 A.M

මීට සුළු වේලාවකට පෙර දකුණු බිරූට් ප්‍රදේශයයේ ඩහියා හි, හිස්බුල්ලා සංවිධානයට අනුබද්ධිත දේශීය නාලිකාවක් වන අල් මනාර් රූපවාහිනිය පිහිටා ඇති ගොඩනැගිල්ලට බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

එමෙන්ම ලෙබනනයට සහ සිරියානු දේශසීමාවට එල්ල වී ඇති ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 52 දෙනෙකු මිය ගොස්, 154 දෙනෙකු තුවාල ලබා ඇති අතර දහස් ගණනක් අවතැන් වී ඇති බවද සඳහන්.

——————————

UPDATE – 07.15 A.M

රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන යානා දෙකක් මඟින් ප්‍රහාර එල්ල කර ඇති බව සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය තහවුරු කර තිබේ.

——————————

UPDATE – 07.00 A.M

ඉරාන පාසලකට බෝම්බ හෙලීම මානුෂීය නීතිය උල්ලංඝනය කිරීමක් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.

“පාසල් සිසුන් ඝාතනය කිරීම ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ පාසල්වලට ලබා දී ඇති ආරක්ෂාව බරපතළ ලෙස උල්ලංඝනය කිරීමකි,” යනුවෙන් ඔවුන්ගේ නිවේදනයේ සඳහන්. 

අදාළ බෝම්බ ප්‍රහාරයෙන් 160කට වැඩි පිරිසක් මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාසල් සිසුන් වේ.

———————————–

UPDATE – 06.45 A.M

හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බව ඉරානය නිවේදනය කර ඇති අතර, ඒ හරහා ගමන් කිරීමට උත්සාහ කරන නැව්වලට පහර දෙන බවට ද අනතුරු අඟවා තිබේ.

———————————–

UPDATE – 06.25 A.M

සෞදි අරාබියේ අගනුවර වන රියාද් හි අමෙරිකානු තානාපති කාර්යාලයේ ඇති වූ පිපිරීමකින් පසු ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here