අවුරුදු කාලයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

0
12


අවුරුදු කාලයේ පැවැත්වෙන ක්‍රීඩා ඉසව් සඳහා මාර්ගෝපදේශ මාලාවක්

 

උත්සව සමයේදී මෙරට තුළ සංවිධානය කරනු ලබන ක්‍රීඩා ඉසව්වලදී සිදුවන අනතුරු සහ බරපතළ වෛද්‍ය තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් මෙම පොදු මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් කර ඇති අතර එමගින් සියලුම ක්‍රීඩා උත්සව වලදී අනුගමනය කළ යුතු පොදු මාර්ගෝපදේශ සහ හඳුනාගත් විශේෂිත ඉසව් සඳහා වන මාර්ගෝපදේශ විස්තර කර තිබෙනවා.

අලුත් අවුරුදු කාල සීමාවේදී පැවැත්වෙන විවිධ උත්සව අවස්ථා රැසක් සඳහා අදාළ මාර්ගෝපදේශ මාලාවෙන් උපදෙස් නිකුත් කර ඇති අතර එම උපදෙස් පිළිපදින ලෙසයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

විශේෂයෙන් ගම හරහා දිවීම, මැරතන් තරගාවලි සහ පා පැදි වැනි දිගු වේලාවක් පැවැත්වෙන ඉසව් සඳහා තරග වදින්නන් අවම වශයෙන් තරගයට සති 6කට පෙර පුහුණුවීම් සිදුකළ යුතු බවද දක්වා ඇති අතර එහිදී හඳුනාගත් රෝගී තත්ත්වයන් සහිත සහභාගී වන්නන් ඔවුන්ගේ නිතිපතා සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නා සැපයුම්කරු වෙතින් අදාළ ක්‍රීඩා ඉසව්වට සහභාගී වීමට තමන් යෝග්‍ය බව ප්‍රකාශ කරමින් වෛද්‍ය අනුමැතිය ලබා දීමේ සහතිකයක්ද ඉදිරිපත් කළ යුතු බවද දක්වා තිබෙනවා.

තවද අලුත් අවුරුදු සමයේ සෑම ක්‍රීඩා උත්සවයකදීම පැවැත්වෙන කොට්ට පොර, ගම හරහා දිවීම, පිහිනීම, ඔරු පැදීම, දෙහි ගෙඩිය හැන්ද මත ගෙනයාමේ තරගය, ග්‍රීස් ගහේ නැගීම, කඹ ඇදීම, ගෝනි රේස් වැනි තරග ඉසව් සඳහා ද විශේෂිත මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග පිළිබඳ ඒකකය කටයුතු කර ඇති අතර එම ඉසව් සඳහා වෙන් වෙන් වශයෙන් වූ මාර්ගෝපදේශ රැසක්ද නිකුත් කිරීමට එම ඒකකය කටයුතු කර තිබෙනවා.

https://drive.google.com/file/d/1_cdn1IZRhvXCnT_ns_9HT7SLETcivqHl/view

 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here