ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ හමුදා මෙහෙයුමට ඇමරිකානු ජනතාවගේ විරෝධය! – Saru News | සිංහල

0
3

ඉරානයට එරෙහිව දියත් කර තිබෙන යුධ මෙහෙයුම බහුතරයක් ඇමරිකානු ජනතාව ප්‍රතික්‍ෂේප කර ඇතැයි වාර්තා වේ. මේ වනවිට යුධ යානා කීපයක් ඇද වැටීමත්, ඇමරිකානු සොල්දාදුවන් 05 දෙනෙකු මිය යාමත් නිසා ඉරානයෙන් පලි ගන්නා බවට පෙර නොවූ විරූ බලයකින්” මිලිටරි ප්‍රතිචාරයක් ලබා දීමට ට්‍රම්ප් පොරොන්දු වුවත් ඇමරිකානු මහජන මතය ඒ සඳහා ඒත්තු ගැන්වී නොමැති බව Reuters-Ipsos මත විමසුමකින් හෙළි කර සිටි. ට්‍රම්ප් අයත් වන රිපබ්ලිකන් පක්ෂය අතර පවා, එම සහයෝගය (55%)ක් ලෙස දැක්වෙන බව එම මත විමසුම පෙන්වා දෙයි.

අයතුල්ලා කමේනි සහ ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතළිහක් පමණ මරා දමා මෙම සෙනසුරාදා සිදු වූ ඊශ්‍රායල-ඇමරිකානු ප්‍රහාරය ඇමරිකානුවන්ගේ අනුමැතිය දිනාගෙන ඇති බවක් නොපෙනේ. පෙබරවාරි 28 සිට මාර්තු 01 දක්වා පවත්වන ලද පළමු Reuters-Ipsos මත විමසුමකින් පෙන්නුම් කරන්නේ මෙයයි. මත විමසුමට අනුව, ඇමරිකානුවන්ගෙන් 43%ක් ඉරානයට එරෙහි එක්සත් ජනපද හමුදා ප්‍රහාර ප්‍රතික්ෂේප කරන අතර 27%ක් එය අනුමත කරති. 10 දෙනෙකුගෙන් පුරවැසියන් තිදෙනෙකුට මතයක් ප්‍රකාශ කිරීමට නොහැකි විය. සාමාන්‍ය පරිදි, ප්‍රතිඵල ඇමරිකානු මැතිවරණ ක්‍රමයේ ධ්‍රැවීකරණය පිළිබිඹු කරයි: රිපබ්ලිකන්වරුන්ගෙන් 55%ක් ප්‍රහාරයට සහාය දක්වයි, ඩිමොක්‍රටික්වරුන්ගෙන් එයට සහය දක්වා ඇත්තේ 7%ක් පමණි.

Reuters-Ipsos මත විමසුම පදනම් වී ඇත්තේ පුද්ගලයින් 1,282 දෙනෙකුගේ නියැදියක් මත වේ. විශේෂයෙන්, ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගෙන් ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 74%ක් ඇමරිකානු ප්‍රහාර වලට විරුද්ධ වූ බව පැවසූ අතර, රිපබ්ලිකන්වරුන්ගෙන් 13%ක් පමණක් ඊට තම විරෝධය පල කර ඇත. එසේම ඩිමොක්‍රටික් පක්ෂය තුල තීරණය නොකළ ඡන්දදායකයින් ද විශාල සංඛ්‍යාවක් සිටී: තුනෙන් එකක් (31%) පමණ තීරණය කර නොමැති අතර, ඩිමොක්‍රටික්වරුන්ගෙන් 19%ක් අවිනිශ්චිතය. ස්වාධීන අය ඔවුන්ගේ පැත්තෙන් 44%කින් විරෝධය පළ කළ නමුත් අවිනිශ්චිතතාවය 35% දක්වා ළඟා විය.

කෙසේ වෙතත්, ඉප්සෝස් සහ රොයිටර් සටහන් කරන පරිදි, මෙම ප්‍රතිඵලවලින් පෙනී යන්නේ, ගැටුමේ ප්‍රතිඵලය අනුව මහජන මතය වෙනස් විය හැකි බවයි. එක්සත් ජනපදයට හිතකර ඉරාන රජයක් පිහිටුවීමට හෝ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන අවසන් කිරීමට හේතු වුවහොත් අඛණ්ඩ මිලිටරි ක්‍රියාමාර්ගයකට සහාය දැක්වීමට ඇමරිකානුවන් වැඩි කැමැත්තක් දක්වන බව පෙන්වා දේ.

අනෙක් අතට, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 54%ක් ප්‍රකාශ කළේ ඇමරිකානු යුධමය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉරානයේ පුරවැසියන් හා හමුදා සාමාජිකයින් මරණයට පත්වීම ඉහල ගියහොත් ඔවුන් මෙම මෙහෙයුමට අඩු කැමැත්තක් දක්වන බවයි. තවද, මැද පෙරදිග ඉරාන හිතැති සටන්කාමීන් දක්වා ගැටුම පැතිර ගොස් සමස්ත කලාපයම යුද්ධයෙන් වෙලා ගත හොත් ඔවුන් අඛණ්ඩ මෙහෙයුම්වලට විරුද්ධ වීමට වැඩි ඉඩක් ඇති බව 50%ක් පමණ පෙන්වා දුන්හ.

අවසාන වශයෙන්, ඇමරිකානුවන්ගෙන් 45%ක් පෙට්‍රල් සහ ගෑස් මිල වැඩි වී උද්ධමනය ඉහළ යාමට හේතු වන ගැටුමක් අනුමත කිරීමට ඇති ඉඩකඩ අඩු බවද විමර්ශකයෝ කියා සිටිති.


0

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here