කටාර් රාජ්‍යයට අයත් බලශක්ති සමාගමක් වන QatarEnergy, එල්ල වූ ඉරාන ප්‍රහාර හමුවේ සිය ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) නිෂ්පාදන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව නිවේදනය කර තිබේ.
කටාර්හි ප්‍රධාන ගෑස් සැකසුම් මධ්‍යස්ථානයක් වන රාස් ලෆාන් (Ras Laffan) සහ තවත් ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානයක් වන මෙසායීඩ් (Mesaieed) යන ස්ථාන ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල වී ඇති බව එම සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව සහ රුසියාව වැනි රටවල් සමඟ කරට කර සිටින කටාර් රාජ්‍යය, ලොව ප්‍රමුඛතම ද්‍රවීකෘත ස්වභාවික වායු නිෂ්පාදකයින්ගෙන් අයෙකි.
මෙම නිෂ්පාදන අත්හිටුවීම ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ මිල ගණන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ පවස බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
Saru News
















