ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ඉරාන රජයේ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකු මරුට

0
3

ඊශ්‍රායල ආරක්ෂක බළකාය පෙන්වාදෙන්නේ ඉරානයේ බුද්ධි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සයෙඩ් හමිඩි සහ බුද්ධි කටයුතු අමාත්‍යංශයේ ඔත්තුබැලීමේ අංශ ප්‍රධානී ජලාල් හොසේන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පිරිසක් මෙලෙස මියගිය බවය.

මේ අතර, ඊශ්‍රායලයේ ප්‍රහාරයෙන් මියගිය අය අතර ඉරාන ආරක්ෂක අමාත්‍යවරයා සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානියා ද  මෙම ප්‍රහාරවලින් මියගොස් ඇති බව සඳහන් වෙයි.

ඉරාන බුද්ධි කටයුතු අමාත්‍යංශ ගොඩනැගිල්ලකට ද සිය හමුදා ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය සඳහන් කර තිබේ.

මේ අතර පසුගිය සෙනසුරාදා දිනයේ සිට මේ දක්වා ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් සිදුකළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ පුද්ගලයින් 500 ඉක්මවූ පිරිසක් මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉරානයේ නගර 130කට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 555 දෙනෙකු මියගොස් ඇති බව ඔවුන් සඳහන් කර ඇත.

ඊශ්‍රායලය විසින් ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කරගනිමින් අද දිනයේ ප්‍රහාර මාලාවක් සිදුකළ අතර එහිදී පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් තවත් 150කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව සඳහන්ය.

ලෙබනන්හි බේරූට් නගරයට එල්ල කළ ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ ප්‍රධානියෙකු මියගිය බවයි ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කර ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here