ජපානයේ අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයින් ලක්ෂයකට ආසන්න වෙයි

0
7

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න වී තිබේ.

මේ වසරේ සැප්තැම්බර් 01 වනදා වන විට අවුරුදු 100 ඉක්මවු පුද්ගලයින් සංඛ්‍යාව 99, 763දෙනෙකු ලෙස වාර්තා වී ඇති අතර ඉන් සියයට 90ක්ම කාන්තාවන් බව ජපාන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ දත්ත වාර්තාවක දැක්වේ.

වැඩිහිටි ජනගහනය ඉහළ යාම හේතුවෙන් ලොව සිව්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන ජපානය මේ වන විට වෛද්‍ය හා සුබ සාධන පිරිවැය ඉහළ යාමේ ගැටලුවකට මෙන්ම දැඩි ශ්‍රම බලකා හිඟයකට ද මුහුණ දී සිටී.
 
මේ වන විට ජපානයේ වයස්ගතම පුද්ගලයා බවට පත්ව ඇත්තේ 114 වන වියේ පසුවන ෂිගෙකෝ කගාවායි.

116 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් මේ වන විට ලොව වයස්ගතම පුද්ගලයා බවට පත්ව සිටී.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here