රථවාහන ගමනාගමනය සීමා කිරීමක්

0
3

මාතලේ නගරයේ පිහිටි අරුල්මිගු ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාස්ථානයේ වාර්ෂික තේරු උත්සවය අද (02) දින උදෑසන 0600ට ආරම්භ කර තේරු රථ 05 ක් හෙට (03) වන දින පස්වරු 06.00 දක්වා මාතලේ නගරයේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ.

මෙම තේරු උත්සවය නැරඹීමට සහ ආශිර්වාද ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් බැතිමතුන් හා විදෙස් සංචාරකයින්ගේ පැමිණීම අපේක්ෂා කරනු ලබයි.

මෙම උත්සවයට සමගාමීව මාතලේ නගරයේ විනෝද සැණකෙළි භූමි කිහිපයක් ද ක්‍රියාත්මක වන බැවින් මෙම කාලය තුල නගරයේ විශාල රථ වාහන තදබදයක් ඇති වීමට ඉඩ ඇති බව පොලිසිය සඳහන් කළේය.

එබැවින් මෙම තේරු උත්සවය පැවැත්වෙන කාලසීමාව තුළ දඹුල්ල සිට මහනුවර දෙසට හා මහනුවර දෙස සිට දඹුල්ල දෙසට මාතලේ නගරය හරහා A009 මාර්ගයේ ගමන් කරන වාහන රියදුරන්ට හා මහජනතාවට පහත විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here