ලෙබනනයේ නගර රැසක ජනතාවට ඉන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම්දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ලෙබනනයේ නගර 50කට අධික ප්‍රමාණයක සිටින ජනතාවට මෙලෙස ඉවත්වීම සඳහා ඊශ්‍රායලය දන්වා ඇති බවය.
ඉවත්වන ලෙස දැනුම්දීම සිදුකරමින් ඊශ්‍රාලය පවසා ඇත්තේ අදාළ නගරවලින් අවම වශයෙන් මීටර් 1,000ක් හෝ දුරින් සිටින ලෙසය.
ඉරානයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරය සහ කමේනි ඝාතනයත් සමගින් හිස්බුල්ලා සංවිධානය ඊට පළිගැනීමක් ලෙස ඊශ්‍රායලය දෙසට මිසයිල සහ ඩ්‍රෝන යානා දියත් කිරීමෙන් පසු ඊශ්‍රායලය හිස්බුල්ලා පාලනයේ පවතින ටේරුට් හී දකුණු තදාසන්න ප්‍රදේශ රැසකට ගුවන් ප්‍රහාරද එල්ල කරනු ලැබීය.
ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඊශ්‍රායලය පවසා ඇත්තේ සිය ආරක්ෂාවට තර්ජනයක් වන ඕනෑම සතුරෙකුට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවය.
Saru News
















