මැදින් පුර පසලොස්වක පොහොය අදයි – Saru News | සිංහල

0
4

සම්බුද්ධ ශාසනය තුළ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ දිනයක් ලෙස සැලකෙන මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමෙන් අනතුරුව පළමු වරට කිඹුල්වත්නුවරට වැඩම කිරීම අදවැනි දිනක සිදුව ඇත.

බුදුරජාණන් වහන්සේ 20,000ක් පමණ වූ මහා සංඝරත්නය සමග කිඹුල්වත්පුරයට වැඩිම කරවීමෙන් අනතුරුව යමාමහ පෙළහර පෑම, ශුද්ධෝදන රජුට වෙස්සන්තර ජාතකය දේශනා කිරීම, යශෝධරා දේවියට චන්දකින්නර ජාතකය දේශනා කිරීම, රාහුල කුමරු හා නන්ද කුමරු පැවදිවීම සහ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය සෝවාන් ඵලයට පත්වීම ඇතුළු ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ දැක්වේ.

මැදින් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් බෞද්ධ ජනතාව අද ආමිස සහ ප්‍රතිපත්ති පූජාවල නිරත වේ.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here