සියලු අරමුණු ඉටු කරගන්නා තෙක් ඉරානයට ප්‍රහාර එල්ල කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ඉදිරි කාලසීමාව තුළ අමෙරිකානු සන්නද්ධ බලකායන්ට තවදුරටත් ජීවිත හානි සිදු විය හැකි බවද මෙහිදී ඔහු සඳහන් කර සිටී.
කෙසේ වෙතත් ඉරානයේ නව නායකයින් සමග සාකච්ඡා කිරීමට අමෙරිකානු ජානාධිපතිවරයා එකඟතාවය පළකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
එම සාකච්ඡා ඉතා කඩනමින් පැවැත්විය යුතු බව ද එහිදී ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර ඊයේ දිනයේදී ඉරානයේ ටෙහෙරාන් නුවර වෙත ප්‍රහාර කිහිපයක් එල්ල වී ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ සිදු කළ අමෙරිකානු ප්‍රහාරවලින් ඉරාන නාවික හමුදාවට අයත් නැව් 9ක් විනාශ වී ඇති අතර ඉරානය විසින් බ්‍රිතාන්‍ය සහ අමෙරිකානු තෙල් නැව් කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බවය.
Saru News
















