හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන් හොං මහතා අතර විශේෂ හමුවක් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා සහ චීන තානාපතිවරයා අතර සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබූ බවද වාර්තා වෙයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නිවසින් පිටත්ව යාමට පෙරද චීන තානාපතිවරයා සමග මේ ආකාරයේ සාකච්ඡාවක් පවත්වා තිබේ.
චීන තානාපතිවරයා විසින් ඉදිරියේදී තවත් හිටපු ප්‍රබල දේශපාලනඥයෙකු සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
Saru FM Media