අයතුල්ලා අලි කමේනිගේ ඝාතනයෙන් පසු පත්කළ නව නායකයින්ට තමන් සමග සාකච්ඡා පැවැත්වීමට අවශ්‍යව ඇති බවත්, ඊට තමන්ද එකඟ වූ බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඊශ්‍රායලය හා එක්ව ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් අත්ලාන්තික් සඟරාවට ප්‍රකාශයක් ලබාදෙමින් ඔහු මේ බව පවසා ඇත.
එමෙන්ම ඔහු විදෙස් මාධ්‍ය වෙත තහවුරු කර ඇත්තේ ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ඇතුළු එරට නායකයින් 48 දෙනෙකු මිය ගිය බවය.
Saru News
















