නව උත්තරීතර නායකයෙකු දිනක් හෝ දෙකක් ඇතුළත පත් කරගන්නා බව ඉරානය පවසයි

0
3

ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවයෙන් පසු, පුරප්පාඩු වූ එම ධුරය සඳහා නව නායකයෙකු ඉදිරි දිනක් දෙකක් ඇතුළත තෝරා පත් කර ගනු ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) පවසයි.

අල් ජසීරා පුවත් සේවය සමඟ පැවැත්වූ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව අනාවරණය කර තිබේ.

නව නායකයෙකු නිල වශයෙන් තෝරා ගන්නා තෙක් පාලන කටයුතු මෙහෙයවීම සඳහා තාවකාලික නායකත්ව මණ්ඩලයක් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇත.

අනුප්‍රාප්තිකයෙකු පත් කිරීමේ කටයුතු ඉතා කඩිනමින් සිදුවන බවත්, “දිනක් හෝ දෙකක් ඇතුළත” එම තීරණය ගනු ඇති බවත් විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, එය “අමෙරිකානු ආක්‍රමණයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා එල්ල කළ යුක්ති සහගත ප්‍රතිප්‍රහාරයක්” බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here