ඉන්ධන හිඟයක් ඇති වේ යැයි අනියත බියක් කිසිසේත් ඇති කර ගත යුතු නැති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා අවධාරණය කරයි.
මේ වන විට මාසයකට වඩා ප්‍රමාණවත් ඉන්ධන සංචිත ගබඩා කර ගෙන ඇති බව ඔහු අවධාරණයෙන් කියා සිටී. මේ අතර විශේෂයෙන්ම ලංකාවට ඉන්ධන ආනයනය කරන්නේ ඉන්දියාව, දකුණු කොරියාව සහ සිංගප්පූරුවෙන් බව හෙළි කර තිබේ.
මේ නිසා ඉරානයේ පවතින යුදමය තත්වය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ඉන්ධන සම්බන්ධයෙන් ලංකාවට සෘජු බලපෑමක් නොවන බවද සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා වැඩිදුරටත් අවධාරණය කරයි.
1
Saru News
















