මැදපෙරදිග කලාපයේ නොසන්සුන්තාවය හමුවේ, එම කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබඳව සිය දැඩි අවධානය යොමු කර ඇතැයි විදේශ අමාත්‍යාංශය කියා සිටී.
විදේශ අමාත්‍යාංශය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ, මැදපෙරදිග කලාපයේ පිහිටි සියලුම ශ්‍රී ලංකා තානාපති කාර්යාල සහ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ අමාත්‍යාංශය මේ වන විටත් අඛණ්ඩව සහ සමීපව සම්බන්ධ වෙමින් පවතින බවය.
කලාපයේ පවතින තත්ත්වය පිළිබඳව මිනිත්තුවෙන් මිනිත්තුව නිරීක්ෂණය කරන ලෙස සියලුම දූත මණ්ඩල වෙත උපදෙස් ලබා දී ඇති බවත් එම අමාත්‍යංශය අවධාරණය කර ඇත.
මැදපෙරදිග වෙසන ශ්‍රී ලාංකිකයින්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය +94 71 980 2822 යන දුරකථන අංකයට WhatsApp හරහා ප්‍රවේශ විය හැකි ක්ෂණික ඇමතුම් අංකයක් ද හඳුන්වා දී ඇත.
පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද, මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් කිසිදු සැලකිය යුතු බලපෑමක් හෝ හානියක් සිදුවී නොමැති බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කර ඇත.
Saru News










