ඉරාන-ඇමරිකා යුද්ධයෙන් සමස්ත ලෝකයම අස්ථාවර වීමේ අවධානමක් ! – Saru News | සිංහල

0
3

මිනිත්තු අටකට වඩා වැඩි කාලයක් පැවති කතාවකදී, ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් “ඉරාන පාලන තන්ත්‍රයෙන් එල්ලවන ත්‍රස්ත තර්ජන තුරන් කිරීමටත්, ඇමරිකානුවන් ආරක්ෂා කිරීමටත්, ඉරානය න්‍යෂ්ටික බලය අත්පත් කර ගැනීම වැළැක්වීමටත්” අවශ්‍ය බව පවසමින් ඉරානයට පහර දීම පෙබරවාරි 28 වන දින සිට ආරම්හ කර ඇත. මෙම ප්‍රහාර දින කීපයක් පුරා සිදු වීමට ඉඩ ඇති බවත් මෙහෙයුම සඳහා එක්ව ඇති ඊශ්‍රාලයද පවසා සිටි. මේ අතර ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, කටාර් රාජ්‍යවල රඳවා ඇති ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් පහර දීමත් සමග එම රටවල පාලකයින් හා ජනතාව දැඩි කැළඹීමකට පත් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර සිටි.

මෙම ප්‍රහාර හේතුවෙන් තෙල් මිල ඉහළ යාම, විදේශ ආයෝජන සඳහා ආරක්ෂාව නොමැති වීම, ත්‍රස්ත ප්‍රහාර උත්සන්න වීම් සිදු වීමෙන් සමස්ත කලාපයම පමණක් නොව ලෝකයම අස්ථාවර වීමේ අනතුර යුධ විශේෂඥයයින් මේ අතර පෙන්වා දේ.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් පහර දීමෙන් පසු ඉරානය දැක් වූ ඉක්මන් ප්‍රතිචාර තුළින් ඊශ්‍රායලය, සෞදි අරාබිය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන් යන රටවලට ප්‍රහාර දැඩි වී ඇති බවද වාර්තා වේ. මෙම ප්‍රහාර ලැයිස්තුව දිගටම වර්ධනය විය හැකි බව විදේශ මාධ්‍ය පෙන්වා දේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඉරාකය සහ සිරියාවේ දැනටමත් මරණ කිහිපයක් වාර්තා වී ඇති බව වර්තා වේ.

ඒ අනුව මැදපෙරදිග කලාපයේ පෙරමුණු රැසක සටන් වැදීමට ඊශ්‍රායලය හා ඇමරිකාවට සිදු වනු ඇත. විශේෂයෙන් සවුදි අරාබිය, ඊශ්‍රායලය, කටාර්, බහරේනය, කුවේට් සහ ජෝර්දානය දෙසට ඉරාන මිසයිල එල්ල කරන ලද අතර එයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායලය අද උදෑසන ලෙබනනයටද පහර දුන් අතර, එහි අගමැති ගැටුමට සම්බන්ධ නොවන බව ප්‍රකාශ කළද ඉරාකයේ හා ලෙබනනයේ ඉරාන සහය ලබන හිස්බුල්ල සංවිධානය හා යේමනයේ හුතී ගරිල්ලන්ද ඇමරිකාවට එරෙහිව යුධ ප්‍රකාශ කර ඇත.

කලාපය පුරා ඉරානයේ අසල්වැසි රටවලට ප්‍රහාර එල්ල වුවහොත් ලෝකයට 20%ක තෙල් අපනයනයක් සිදු කරන හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීමෙන් ලෝක තෙල් මිල ඉහළ යාමේ තර්ජනයක් ඇති වීමේ ඉඩ කඩ පවතී. කලාපයේ තෙල්වලින් පොහොසත් වූ රාජ්‍යයන් හෝමූස් සමුද්‍ර සන්ධියේ හරහා සිදුවන අපනයයන් හා “බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල වන ප්‍රහාර සහ අවහිරතා හේතුවෙන් තෙල් වෙළඳාම දුර්වල වීමේ හැකියාව ඉහළ තත්වයක පවතී. විශේෂයෙන් මෙම රටවල ඇති අඩු තීරු බදු හෝ තීරු බදු නැති රටවල මුදල් ආයෝජනය සඳහා ජාත්‍යන්තර බහු ජාතික සමාගම් හා ධනවතුන් ඉදිරිපත් නොවනු ඇත. යුක්රේන යුද්ධයත් සමග ඉහළ ගොස් ඇති තෙල් මිල හා උද්ධමනය ඉහළ යාම හේතුවෙන් පීඩා විඳින ලෝකය මේ අනුව කබලෙන් ලිපට වැටීමකට ලක් වනු ඇත.

මේ රටවල තෙල් සම්පත අවසන් වීමෙන් පසුව ප්‍රධාන ව්‍යාපෘති ලෙස වර්තමානයේ ඉදිරිපත් කර ඇති ආර්ථික ආකෘතින් වෙනස් කිරීම, ප්‍රධාන යටිතල පහසුකම් දියණු කිරීමේ ව්‍යාපෘති සහ බලශක්ති සංක්‍රාන්ති යන ක්‍ෂේත්‍ර දරුණු ලෙස ඇතිවන තෙල් අර්බුදයක් සමඟ සංකීර්ණ වනු ඇත. ඉරානයේ පාලන තන්ත්‍ර වෙනසක් සිදු කිරීමට උත්සහ කරමින් සිදුවන ආරක්ෂක ප්‍රතිවිපාක කළමනාකරණය කිරීමට සිදුවීම තවත් සංකීර්ණතා රාශියක් ඇති වීමේ අනතුර මෙම රටවල දැඩි කතා බහට ලක් වී ඇත.

එසේම ඉරානයේ අවුල් සහගත තත්වය තුර්කියට සහ යුරෝපීය සංගමයට බලපානු ඇති අතර එමඟින් සරණාගතයින් විශාල වශයෙන් ගලා ඒමක් සිදුවිය හැකි බවට යුරෝපා සංගමයේ මූලාශ්‍රද කනස්සල්ල පල කර සිටි. 2025 ජුනි මාසයේදී, ඉරානය ඊශ්‍රායල ප්‍රහාරයක් හේතුවෙන් ඇති වූ යුද්ධයේදී එක්සත් ජනපදය තම න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමට පළිගැනීමක් ලෙස කලාපයේ විශාලතම කටාර්හි අල්-උදෙයිඩ් ගුවන් කඳවුරට ඉරානය පහර දුන්නේය.

මෙවැනි හේතු ඉදිරිපත් කරමින් පසුගිය මාසයේ, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඕමානය ඒකාබද්ධව ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා සිටියේ ප්‍රහාර කල් දමන ලෙසයි. ගල්ෆ් රාජ්‍යයන් “තමන් අවදානමට ලක්විය හැකි බව දන්නා නිසාම, මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමේ කම්හල්, හයිඩ්‍රොකාබන් මධ්‍යස්ථාන සහ බල ශක්ති බලාගාර වැනි වැදගත් ඉලක්කවලට පහර දීමට ප්‍රමාණවත් අතරමැදි දුර මිසයිල ඉරානය සතුව ඇති බැවින් මෙම රාජ්‍යයන් තම නොසතුටට ඇමරිකාවට දැනටමත් පෙන්වා දෙමින් සිටි.

යේමනයේ හුති සහ ලෙබනනයේ හිස්බුල්ලා මෙන්ම ගාසා කලාපයේ තවමත් දුර්වල තත්වයක පවතින නමුත් මෙම යුද්ධය සමග යලි ඒකරාශී වීමට හා පෙරලා පහර දීමට සමත් හාමාස් හා වෙනත් ජිහාඩ් සංවිධාන ද ඇතුළු කලාපයේ ඉරාන සහාය දක්වන සන්නද්ධ කණ්ඩායම් නැවත සක්‍රිය වීමේ ඉඩකඩද යුධ විශේෂඥයින් මේ අතර පෙන්වා දේ. කුඩා අවිවලින් හා මිසයිලවලින් හා සන්නද්ධ වී සිටියද ඔවුන්ගේ කුඩා හෝ ප්‍රහාරවලින් සිදු විය හැකි ප්‍රථිපල ලෝක වෙළඳ පලට දරුණු ලෙස බලපානු ඇත.

නමුත් ට්‍රම්ප් පවසා සිටින්නේ ඉරාන ජනතාවට නැගී සිටින ලෙසය. එසේම මෙම යුද්ධය හේතුවෙන් ඇමරිකානු හමුදා භටයින් මිය යාමේ වැඩි ඉඩ කඩක් පවතින බවද ට්‍රම්ප් පැවසීමෙන් මෙහෙයුමේ ඇති දුෂ්කර තාවය හඳුනා ගෙන ඇති බව අනුමාන කළ හැක. එම නිසාම පසුගිය මාසය පුරාවටම 50,000කට අධික යුධ හමුදා සාමාජිකයින් හා යුධ නෞකා, අවි මැද පෙරදිග කලාපයට රැගෙන ආහ. නමුත් යුද්ධයක ජයග්‍රහණය තීරණය කරනුයේ යුධ තාක්ෂණය මත නොව ප්‍රහාරයට ලක්වන ජනතාවගේ එයට මුහුණ දීමට ඇති අධිෂ්ථානය මත බව දේශපාලන හා යුධ විචාරකයින්ගේ මතයයි. විශේෂයෙන් එවැනි අතීත විෂය මුලික කොන්දේසි අධ්‍යයනය නොකර පැරණි පර්සියන් අධිරාජ්‍යයක යුධ සම්ප්‍රදායකට හිමි කම් කියන ඉරානය වැනි රටක් සමග යුද්ධයක පැටලීම දෙවරක් සිතිය යුතු කාරණයක් බවද ඔවුන් තව දුරටත් පෙන්වා දේ.

ඇමරිකාවේ මෙම ප්‍රහාරවල සැබෑ අරමුණ යුද්ධය දිගටම පවත්වා ගෙන යෑමද එසේ නැතහොත් ඉරාන සතුරා පෙන්වා සමස්ත මැද පෙරදිග කලාපය තුළ තම යුධ ශක්තිය වර්ධනය කර ගැනීමද යන්න අනාගතයේ දී පැහැදිලි වනු ඇත.

1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here