ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක හදිසි මිලදීගැනීමකට ටෙන්ඩර් කැඳවයි

0
3

නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීමකට ලංකා ගල්අඟුරු සමාගම විසින් ටෙන්ඩර් කැඳවා තිබේ.

2026 පෙබරවාරි 25 වනදා එම සමාගම මේ සම්බන්ධ දැන්වීම සිය වෙබ් අඩවියෙහි පළකර ඇත.

එහි සඳහන් වන්නේ 2026 මාර්තු – අප්‍රේල් කාලසීමාව සඳහා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයට ගල්අඟුරු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරන බවයි.

හදිසි ප්‍රසම්පාදන ලංසු කැඳවීම් අංක LLC/25-26/EP/1 යටතේ මෙම හදිසි මිලදීගැනීම් ටෙන්ඩරය කැඳවා තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වීම සම්බන්ධයෙන් දැඩි චෝදනා එල්ල වී ඇති තත්වයක් යටතේ ය.

The post ගල් අඟුරු ටොන් ලක්ෂ 3ක හදිසි මිලදීගැනීමකට ටෙන්ඩර් කැඳවයි appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here