විකුණන්න පුළුවන්නම් මිනිය කාගෙ වුණත් කමක් නැහැ.

0
3

රෂිකා හෙන්නායක පෙබරවාරි 28, කොළඹ LNW :

රටේ දේශපාලන පක්ෂ නියෝජිතයෝ ද මේ වන විට පකිස්තානය සහ ඉන්දියාව අතර ඇති දේශපාලන අර්බූදය හමුවේ හිටපු පකිස්තාන ක්‍රීඩකයින් කියූ කතාවන් කරේ තබාගෙන නවසීලන්තය සමඟ පැවති තරගය ශ්‍රී ලංකාව හිතා මතා පරාජය වූ බව කියන්නට මාධ්‍ය සාකච්ඡා පවත්වමින් ජනතාව අතරට සැකය ගෙන යමින් ඇත.එම දේශපාලකයන්ට වඩා ක්‍රිකට් ජනප්‍රිය නිසා සහ ක්‍රිකට් පරාජයෙන් දුකට සහ වේදනාවට පත්ව සිටින ප්‍රේක්ෂකයින් හරහා තමන්ගේ පැවත්ම සකසා ගැනීම මෙවැනි දේශපාලකයන්ගේ අදහසය.

අද පැවත්වෙන තරගය ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර තරගයය.එයින් පකිස්තානය ජය ගැනීමට ඇති ඉඩ විශාලය.ඊට එක් හේතුවක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම මනසින් ක්‍රීඩාවට සුදුසු මට්ටමක නැති බව දසුන් නවසීලන්තය ඉදිරියේ පරාජයවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශවලින් පැහැදිළි වීමය.එවැනි තත්ත්වයක් ආවොත් හෙට තවත් මාධ්‍ය හමුවක් පවත්වා ඉන්දියාව සහ පකිස්තාන තරගයක් නිර්මාණය කිරීමේ උවමනාවෙන් ශ්‍රී ලංකාව පකිස්තානයට එරෙහිව පරාජය වූ බව කියනු ඇත.මේ වන විටත් එවැනි අදහස් සමාජ මාධ්‍ය වෙත මුදා හරිමින් සිටින අතර හැබැයි එවැනි දෙයකදී දැන් ඔසවාගෙන යන පකිස්තාන ක්‍රීඩකයින් සිය කණ්ඩායමට ශ්‍රී ලංකාව තරගය ලබා දුන් බව කියන්නේ නැත.මොන දේ කළත් පකිස්තානය වළක්වනු බැරි බව කියනු ඇත.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් රාජ්‍ය නායකත්වය ද මැදිහත් වී පකිස්තානය සහ ඉන්දියාව අතර තරගය පැවත්වීමට පාර කපපු හැටි සිහිපත් කිරීම වටින්නේය. නවසීලන්තය සමඟ තරගය පැවත්වෙන විට පකිස්තානයට තරගයක් ඉතුරුව තිබිණ.අද පකිස්තානයට ශ්‍රී ලංකාව පරාජය කර අවසන් පූර්ව වටයට ඒමට ද හැකියාව ඇත.එසේ තිබියදී පකිස්තාන පැරණි ක්‍රීඩකයින් තමන්ගේ ක්‍රිඩකයන් ශ්‍රී ලංකාව පරාජය කිරීමට හැකි තත්ත්වයක නැති බව සහ අවසන් පූර්ව තරගයට පිවිසීමට තරම් ශක්තියක් නැති බව කියනු ඇද්ද? කාරණය එසේ නොවේය.පවතින ඉන්දීය විරෝධය මතු කිරීම වඩා වැදගත්ය.රටවල් දෙකක දේශපාලන අර්බූදයක් හමුවේ එය පදනම් කරගෙන සිඳුකරන ප්‍රකාශ ඔසවාගෙන යාම නමක් ගමක් නොදන්නා මිනියක් වුව කර තියාගෙන ගම වටේ ඇවිද ජනතාවගේ අවධානය ගන්නට හදන ලංකාවේ සම්ප්‍රදායික දේශපාලකයාගේ භූමිකාව රඟ දක්වා පෙන්වීමය.

තමන්ගේ පපුව තුළ ශ්‍රී ලංකාව ලද පරාජයෙන් පකිස්තානයට ගෙදර යාමට වේද යන වේදනාව නිසා ඇති කළ පීඩනය පකිස්තානුවන්ට තිබිණ.ඒ රටට ආදරය ඇති නිසාය.එම කතාව උස්සාගෙන යන දේශප්‍රේමීන් අඩුම තරමේ ශ්‍රී ලංකාවට සහ පකිස්තානයට ඉතුරුව ඇති තරගය ගැනවත් නොසිතා ලංකාවේ ක්‍රිකට් ගැන යම් හිරිකිතයක් හදන්නට උත්සාහ කරන්නේය.ඒ පකිස්තානුවන්ගේ සහ ශ්‍රී ලංකාවේ දේශප්‍රේමය අතර ඇති පරතරය ය.

The post විකුණන්න පුළුවන්නම් මිනිය කාගෙ වුණත් කමක් නැහැ. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here