අද වෙන කොට මාස්ක් එක කියන්නේ අපි කාටත් අත්‍යවශ්‍ය දෙයක් වෙලා. ලොව පුරාම සීග්‍රයෙන් පැතිර යන මේ කොරෝනා වෛදරස බාල මහලු කියලා නෑ කාටත් නිදහසේ හුස්මක් ගන්න තියෙන නිදහස නැති කරලා කියලා කතා වුණත් මාස්ක් එක කියන්නේ කොරෝනා වෛරසය ආසාදනය වීම පමණක් නොවෙයි බොහොමයක් ස්වසන රෝග, වෛරස ආසාදන වළක්වා ගැනීමට හොඳම පියවරක්. මුව ආවරණය අපේ රටට නුහුරු වුවත් මේ වෙද්දී බොහොම හුරු වෙලා. ඒත් අම්මලා අතර පොඩි ගැටලුවක් වෙලා තියෙනවා පුංචි දරුවන්ට මුව ආවරණ පැලඳීම සුදුසුද කියලා. අපි අද ඒ ගැන කතා කරමු.
පෙර සදහන් කළ විදියටම වර්තමානයේ පවතින කොරෝනා වසංගතය හමුවේ දරුවන් අතරත් මුව ආවරණ පැළඳීම අවශ්‍ය වෙලා.
දරුවන්ට මුව ආවරණ භාවිතයේදී එයට
WHO හා UNICEF උපදෙස්වලට අනුව වයස අවුරුදු 5 හෝ ඊට අඩු දරුවන්ට මුව ආවරණ භාවිත නොකළ යුතුය. නමුත් දරුවා යම් රෝගී තත්ත්වයකින් පෙළෙයි නම් වෛද්‍ය උපදෙස් මත මුව ආවරණ භාවිත කළ යුතුය.
වයස අවුරුදු 6 – 11 දක්වා අතර වයසක දරුවකු සිටී නම් ඔහු/ඇය මුව ආවරණ පැළදීම පහත කරුණු මත රඳා පවතියි.
අවුරුදු 12 වැඩි දරුවන්ට
රෙදිවලින් සාදන ලද මුඛ ආවරණ
මේවා සාමාන්‍යයෙන් කපු රෙද්දෙන් සාදයි. විවිධ වර්ගවලින්, හැඩවලින්, ප‍්‍රමාණවලින් යුතු වන අතර සෝදා නැවත නැවත භාවිත කළ හැක. වඩා ඵලදායී වන්නේ අවම ලෙස රෙදි ස්ථර තුනක් සහිත මුඛ වැස්මක්ය. WHO සංවිධානය මෙම රෙදි මුඛ වැස්ම භාවිතය අනුමත කරයි. දිනපතා සබන් මිශ‍්‍ර ජලයෙන් සෝදා (භාවිතයෙන් පසු) වියළා භාවිත කළ යුතුය. නිවසේදී සාදාගත හැක.
ශල්‍ය මුඛ ආවරණ (Surgical/Medical Mask) භාවිතා කළ යුතු වන්නේ වෛද්‍යමය රෝග, රෝග ලක්‍ෂණ හෝ රෝගය ඇති බවට ස්ථිර වූ විට හෝ තමා අවට රෝගීන් සිටී නම් යන තත්ත්ව මතය. මේවා සෝදා භාවිත කළ නොහැකි අතර පැය 8 කින් පසු ඉවත් කළ යුතුය.
දරුවන්ට මුව ආවරණ පැළඳීමේදී
පහත පොදු වැරදිවලින් දරුවා වැළැක්විය යුතුය.
දරුවන්ට මුව ආවරණ භාවිතයේදී දෙමාපියන් බියට පත්වන හේතු කාරණා කිහිපයක් වන අතරම ඒවා මිත්‍යා මත ලෙස හැඳින් වීමේ වරදක් නැත. උදාහරණ ලෙස මුව ආවරණය පැලඳීම නිසා දරුවාට හුස්ම ගැනීමට අපහසු වනු ඇතැමි ඇතැම් මව්වරුන් බියට පත්වූවද එහි ඇති සත්‍යතාවයක් නොමැත. ලිපියේ මුල සිට දක්වා ඇති උපදෙස් අනුව මුව ආවරණ තෝරා ගැනීම මගින් එවැනි අපහසුතා ඇති වීම වළක්වා ගත හැකි වේ. එසේම මුව ආවරණ පැලඳීම දරුවාගේ පෙනහලු සංවර්ධනයට බාධාවක් විය හැකි යැයි ඔබ සිතන්නේ නම් එහි කිසිදු නිරවද්‍යතාවයක් නොමැති බව කිව යුතුමය. තවද ප‍්‍රාශ්වාසයේදී පිටකරන CO2 එහි රැඳී තිබීම, මුව ආවරණ පැලඳීමෙන් ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම යන මිත්‍යා මතවලට එළැඹ කොරෝනා වෛරස ආසාදන ඇතුළු ස්වස මාර්ග ආශ්‍රිත බොහොමයක් රෝගවලින් ඔබේ දරුවාට ආරක්ෂාව සලසන මුව ආවරණය නොපැළඳීම අනුවණ ක්‍රියාවකි.
ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මිය හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය)
පළාත් මහා රෝහල, කුරුණෑගල
Saru FM Media