රැඳවුම් නියෝග මත සිටි කමාන්ඩෝ සලින්ත රක්ෂිත බන්ධනාගාරයට… – Saru News | සිංහල

0
3

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි ඉන්දුනීසියාවේ සිටියදී ජාත්‍යන්තර පොලිසියේද සහාය ඇතිව අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල පාතාල ක්‍රියාකාරිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන `කමාන්ඩෝ සලින්ත’ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගමගේ නිල මැදිරිය තුළට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි.

විමර්ශන සිදු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එහිදී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති අතර, ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකරු ලබන මස 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කර ඇත.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකරුවකු වශයෙන් කමාන්ඩෝ සලින්ත නම් කර සිටී.


1

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here