2026 IPL තරගාවලියේ ආරම්භයට මැතිවරණය හරස් වෙයි

0
3

2026 IPL ක්‍රිකට් තරගාවලිය මාර්තු 28 වනදා ආරම්භ වන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය අද (27) නිවේදනය කළේය.

එළැඹෙන මාර්තු මාසයේ ඇසෑම්, තමිල්නාඩු සහ බටහිර බෙංගාලයේ පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණය හේතුවෙන් තරගාවලියේ ආරම්භක හා අවසාන දිනය මේ දක්වා ස්ථිර වී නොතිබුණි.

ඒ අනුව ඉන්දීය ක්‍රිකට් ආයතනය මුලින් සැලසුම්කර තිබූ මාර්තු 26 දිනට දින දෙකකට පසුව මෙලෙස තරගාවලිය ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එමෙන්ම අවසන් මහා තරගය මැයි 31 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇත.

කෙසේ නමුත් ඇසෑම්, බටහිර බෙංගාලය සහ තමිල්නාඩු ප්‍රාන්තවල මැතිවරණ සඳහා දිනයන් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති බැවින් අවසන් තරග කාලසටහන සැකසීම සඳහා IPL පාලක මණ්ඩලය ලබන සතියේ රැස්වන බව වාර්තා වේ.

2008 වසරේ IPL තරගාවලිය ආරම්භ වූ දා සිට අවස්ථා කිහිපයදී එරට මැතිවරණ හේතුවෙන් තරග සැලැස්මට බලපෑම් එල්ල වී තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here