විශේෂ මෙහෙයුම් මගින් පුද්ගලයින් 549ක් අත්අඩංගුවට

0
8

පොලිසිය විසින් සිදු කරන අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම්වලදී ගතවූ දිනය තුළ පමණක් පුද්ගලයින් 549දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

එම මෙහෙයුම්වලදී පුද්ගලයින් 29,608දෙනෙකු පරීක්ෂාවට ලක් කර ඇති අතර අපරාධවලට සෘජුවම සම්බන්ධ පුද්ගලයින් 26දෙනෙකු එහිදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. 

ඊට අමතරව එම මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 519දෙනෙකු සහ බීමත් රියදුරන් 309දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ රථවාහන වැරදි සම්බන්ධයෙන් පුද්ලයින් 4,392දෙනෙකු සහ අපරික්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 44දෙනෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here