රේගුව පෙබරවාරි ආදායම් ඉලක්කය දින 23කින් සපුරයි… – Saru News | සිංහල

0
9

ශ්‍රී ලංකා රේගුවේ 2026 වසරේ ආදායම් ඉලක්ක අනුව පෙබරවාරි මාසයේ ඉලක්කයද මාසය අවසන් වීමට දින 05ක් ඉතිරිව තිබියදී සපුරා තිබේ.

මෙම වසරේ පෙබරවාරි ආදායම් ඉලක්කය රුපියල් බිලියන 165.9 වූ අතර එය මෙම මස 23 වනදා වනවිට පසු කර ගිය ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 176.8ක ආදායමක් උපයා ගෙන ඇත.

මෙම 2026 වසරේ ජනවාරි මාසයේද ශ්‍රී ලංකා රේගුව සිය එම මස ආදායම් ඉලක්කය පසුකරමින් ආදායම් උපයා තිබේ.

ශ්‍රී ලංකා රේගුව පසුගිය 2025 වසරේ ඉතිහාසගත වාර්තාවක් තබමින් වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115ක අගය ඉක්මවා ගිය අතර 2026 වසරේ ආදායම් ඉලක්කය 2025 වසරේ ආදායම් ඉලක්කයට වඩා වැඩි අගයකි. 2025 වසරේ ආදායම් ඉලක්ක පසුකර ගියත් 2026 වසරේ ආදායම් ඉලක්ක පසුකර යාමට හැකියාවක් නැති බවට විපක්ෂයේ කණ්ඩායම් දිගින් දිගටම ප්‍රකාශ කළේය. ඔවුන් ආණ්ඩුවට අභියෝග කරමින් සඳහන් කළේ, වාහන ආනයනය නිසා 2025 වසරේ ආදායම් ඉලක්ක පසු කළ බවත් 2026 වසරේදී එම ඉලක්ක පසු කර යා නොහැකි බවය.

එහෙත් මෙම 2026 වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල රේගු ආදායම් ඉලක්ක අබිබවා ආදායම් උපයා තිබේ. මෙම වසරේ ජනවාරි මස ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 160.2ක අබිබවා යමින්, ජනවාරි 22 වන දා වනවිට, රුපියල් බිලියන 175.4ක ආදායමක් ඉපයීමට රේගුවට හැකි වී තිබිණි.

304

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here