රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතිශයින් කඩාකප්පල්කාරී ලෙස වරින් වර දියත් කරන වැඩ වර්ජන පිළිබඳව කරුණු රැසක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස හෙළි කර තිබේ.
මෙවැනි වැඩ වර්ජනවලට එරෙහිව ප්‍රබල ජනතා මතයක් ගොඩ නැගෙමින් තිබෙන අතර, සජිත් ප්‍රේමදාසට සමීප වෛද්‍යවරු ද එම වැඩ වර්ජන මෙහෙයවන්නන් අතර සිටින බවත් අමාත්‍යවරයා හෙළි කරනු ලැබීය. වෙනත් අවස්ථාවල දී මෙවැනි වැඩ වර්ජන දඩමීමා කර ගෙන විශාල ප්‍රචාරයක් ගෙන යන සජිත් ප්‍රේමදාස කඩාකප්පල්කාරී වර්ජන හමුවේ නිහඬව සිටින්නේ ඔහුගේ අනුගාමිකයන් වර්ජන මෙහෙයවන නිසා බව අමාත්‍යවරයා හෙළි කළේය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව සියලුම රජයේ සේවකයන්ගේ මූලික වැටුප විශාල වශයෙන් ඉහළ දමනු ලැබීය. එවැනි වැටුප් වැඩිවීමක් වෘත්තීය සමිති විසින් ඉල්ලීම් කර නොතිබියදී රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමේ අරමුණින් ලබා දෙනු ලැබීය.
මෙම තත්වය හමුවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනත් අතිශය ප්‍රාථමික කරුණු මතු කරමින් කඩාකප්පල්කාරී වැඩ වර්ජනවල යෙදීම පිළිබඳව අමාත්‍යවරයා කළ සවිස්තර කරුණු පැහැදිලි කිරීම පහත දැක්වේ.
7
Saru News










