අද දින ඔබේ දෛවය

0
10

මේෂ –

ශුභා ශුභ මිශ්‍රඵල දෙයි. ගමන් බිමන් බහුල වෙයි. තම විවේකය හීනවන අතර පොදු සේවා ක්‍රියාකාරකම්, දාන, ධර්ම ක්‍රියා ආදියෙහි යෙදේ. තම ඥාතීන්ගේ අවශ්‍යතාවයන්ට ද මුල් වෙයි. සෙම් කෝප රෝග මතුකරයි. ශුභ වර්ණය – රන්වන්, ජය අංකය – 05

වෘෂභ –

දුර ගමන් යෙදේ. වන්දනා ගමන් වැනි දේ සංවිධානයට හේතුයි. ආගමික උත්සව සංවිධානයට ද හේතුයි. තම බලාපොරොත්තු තරමක් ජය දෙයි. උත්සව සාද වැනි දේවල්හි මුල් වේ. වාතාධික රෝග ඉදිමුම් රෝග දේ. ශුභ වර්ණය – දුඹුරු, ජය අංකය – 02

මිථුන –

ශුභවාදී ඵල ගෙනදෙයි. අලංකාර කටයුතු විනෝදජනක ක්‍රියා ආදියෙහි වැයපස ඉහළ යයි. ආගමික වතාවත්හි මූලිකව ක්‍රියාකරයි. තම ඥාතීන් වෙනුවෙන් වැයපස ඉහළ යයි. සෙම් ආසාදන රෝග මතුකරයි. ශුභ වර්ණය – ළා කොළ, ජය අංකය – 03

කටක –

උත්සව සාද වැනි දේවල්හි මූලිකව ක්‍රියාකිරීමට සිදුවන අතර මිල මුදල් ද වැය වෙයි. පැරණි ඥාති මිත්‍රාදීන් සමග සුහදතාව වර්ධනය වෙයි. ආගමික උත්සව සංවිධානයට හේතුයි. සිරසගත රෝග දෝෂ මතුවේ. ශුභ වර්ණය – කහ, ජය අංකය – 04

සිංහ –

ශුභඵල මතුකරයි. දුර ගමන් යෙදේ. ජනතාව දැනුවත් කිරීමේ කාර්යයන්වලට හේතුයි. සුහද හමුවීම්වලට හේතුයි. ප්‍රේම සබඳතා වර්ධනය වෙයි. ව්‍යාපාරවල දියුණුව පෙනේ. ආමාශගත රෝග සාදයි. ශුභ වර්ණය – ළා දම්, ජය අංකය – 01

කන්‍යා –

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. රැකී රක්‍ෂාවල ප්‍රබෝධයෙන් යෙදේ. ව්‍යාපාරවලද දියුණුවක් මතු කරයි. නව නිර්මාණකරණයට හේතු කරුණු යෙදේ. මුත්‍රා ආසාදන රෝග සාදයි. ශුභ වර්ණය – කොළ, ජය අංකය – 06

තුලා –

ශුභා ශුභ මිශ්‍රඵල මතුකරයි. තම සැලසුම් දියත් කරගැනීමේ ශක්තිය මතු කරයි. තරමක් වෙහෙසව ක්‍රියාකරන දිනකි. ඇසුරු කරන්නන් අතර ප්‍රසාදය දිනයි. සිරසගත රෝග සාදයි. ශුභ වර්ණය – ළා රෝස, ජය අංකය – 07

වෘශ්චික –

ශුභා ශුභ මිශ්‍රඵල මත දවස ගෙවෙයි. තම අරමුණුවලට බාධා කරයි. ක්‍රියාකාරී දිනකි. අතපසුව තිබූ කටයුතු කරගෙන යයි. අමතර ලාබ ලැබීම්වලට හේතුයි. ආමාශගත රෝග, ආහාර විෂවීම් ආදියට හේතුයි. ශුභ වර්ණය – රතු, ජය අංකය – 03

ධනු –

තරමක් අවිවේකී දිනකි. රාජකාරි බහුල වන අතර තම ව්‍යාපාරවල ද තරමක අවාසි තත්ත්ව මතු කරයි. ගමන් බිමන් ද තරමක් නිශ්ඵලවීම්වලට හේතුයි. නමුත් සුළුවෙන් හෝ ලාබ ද ලබයි. සන්ධි ප්‍රදාහ රෝග මතු කරයි. ශුභ වර්ණය – රෝස, ජය අංකය – 06

මකර –

ශුභා ශුභ ඵල මතුකරයි. තම සුපුරුදු රාජකාරිවලදී ද කලකිරීම් මතුකරයි. ව්‍යාපාරවල ඇදවැටීම්වලට හේතුයි. රාජකාරිවලදී කලකිරේ. වැයපස ඉහළ යෑමෙන් සිත් චංචල වේ. සිරසගත පීඩා මතු කරයි. ශුභ වර්ණය – නිල්, ජය අංකය – 08

කුම්භ –

ශුභා ශුභ ඵලදරයි. රාජකාරිවල සහ තම සුපුරුදු ක්‍රියාවන්හි උනන්දුවෙන් යෙදේ. සමාජ සද්කාරක ක්‍රියාවන්හි ද යෙදේ. වැයපස ඉහළයි. අමතර ලාබ ද ලබයි. කොන්දේ අමාරු, අක්‍ෂි රෝග මතුකරයි. ශුභ වර්ණය – තැඹිලි, ජය අංකය – 07

මීන –

ශුභා ශුභ ඵල මතුකරයි. තම අරමුණු තරමක් ජයගනී. රාජකාරිවල උනන්දුවෙන් යෙදේ. සුහදතා වර්ධන ක්‍රියාවන්හි යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. හදිසි ලාබ ලැබීම්වලට හේතුයි. සෙම් රෝග මතු කරයි. ශුභ වර්ණය – දම්, ජය අංකය – 09

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here