පසුගිය වසර අවසානයේදී දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුවේ බලපෑම හමුවේ ආපදාවට ලක් වූ විශ්ව විද්‍යාල සිසුන්ට ආර්ථික සහන සැලසීම සඳහා ලලිත් ඇතුළත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ (MTF) භාරකාර මණ්ඩලය විසින් එක්වරක් පමණක් පිරිනැමෙන විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ
එම විශේෂ ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම මේ වනවිට ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේය.
එම අයදුම්පත් www.mahapola.lk යන මහපොළ වෙබ් අඩවිය හරහා ලබාගත හැකිය.
Saru News










